Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල -2023

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා රට යොමු කිරීම මගින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය,කර්මාන්ත අමාත්‍යංශය හා එක්ව ජාතික කර්මාන්ත සම්මාන උළෙලක් 2023 නොවැම්බර් මස 1 වෙනිදා නෙළුම් පොකුණ රඟහලේදී සවස 4.30 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.

මේ අවස්ථාව සඳහා අමාත්‍ය රමේෂ් පතිරණ අමාත්‍යතුමාගේ ආරාධනයෙන් ආරාධිත ප්‍රධාන අමුත්තා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමට නියමිතය. තවද මේ අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යවරු, අමාත්‍යංශ ලේකම්වරු , විදේශීය තානාපතිවරු හා ආයතන සභාපතිවරු සහභාගී වීමටද නියමිතය.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් හා මග පෙන්වීමට අනුව කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍ර 21 හා උප ක්ෂේත්‍ර 67 අතුරින් ක්ශුද්‍ර , සුලු , මධ්‍යම හා මහා පරිමාණ කර්මාන්තවල සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සම්මාන ප්‍රධානය සඳහා ශ්‍රී ලංකාව පුරා පිහිටා තිබෙන කාර්මික සංවර්ධන මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල 25 හරහා අයැදුම්පත් කැඳවූ අතර එහිදී අයැදුම්පත් 5000 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් විය.

මෙහිදී විශ්වවිද්‍යාල හා ප්‍රධාන රාජ්‍ය ආයතනවල ක්ෂේත්‍රයන්ට අදාල ප්‍රවීනයන් 20 කට අධික ප්‍රමාණයකින් සැදුම්ලත් ජාතික විනිශ්චය මණඩලයක් හරහා ඉදිරිපත් වී ඇති අයැදුම්පත් අතුරින් නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබන ක්ෂේත්‍රය, අපනයනය තුලින් ශ්‍රී ලංකාවට විදේශීය විනිමය උපයාදීම, තම කර්මාන්තයේ නිෂ්පාදන කටයුතු වැඩි දියුණු කරගත් ආකාරය, වියදම් පාලනය කර ගැනීම යනාදී කරුණු කීපයක් සලකා බැලීමෙන් ජයග්‍රහකයන් ‍තෝරාගෙන ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින නිෂ්පාදන කර්මාන්තවල නියැළී සිටින විශිෂ්ඨයන් 300ක් සම්මානයට පාත්‍ර වීමට නියමිතයි.

Scroll to Top