විදේශ සංචාරකයින්ට ලෝක උරුම හා ඓතිහාසික ස්ථාන වෙත තදබදයකින් තොරව පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා ගාස්තු අය කරන ස්ථාන සියල්ල සඳහා එකවර ගෙවා මිල දී ගැනීමේ පැකේජ ප්‍රවේශ පත්‍රයක් ගුවන්තොටුපොළේදීම හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ මිල දී ගැනීමට අවස්ථාව සලසා දීමට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
තවද ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සංචාරක මැදිරි සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍ර අලෙවිය ද මාර්ගගත ක්‍රමය ඔස්සේ හෝ එකවර ගෙවා ලබා ගන්නා පොදු ප්‍රවේශපත්‍රයක් ලෙස ගුවන්තොටුපොළේදීම මිල දී ගැනීමට අවස්ථාව සලසා දීමට ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
ඉදිරි වසර 03ක කාලය තුළ වසරකදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන 05ක් දක්වා වැඩි කර ගැනීමේ ඉලක්කය සහිතව අග්‍රාමාත්‍යවරයා, සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවලට මෙලෙස අනුමැතිව හිමිව ඇත.