බොරලැස්ගමුව, බෙල්ලන්විල ශරීර සුවතා උද්‍යානය දෙපස ගොඩබිම්වල නිතර කිඹුල්ලු සැරිසරන අයුරු මේ දිනවල දකින්නට ලැබේ.
මෙහි ප්‍රධාන සුවතා තීරුවේ අයිනට වන්නට ගොඩ බිමේ අඩි 13 පමණ දිග විශාල කිඹුලකු පැමිණ සිටිනු දක්නට ලැබූ අතරෙ, වැඩ අවසන් නොකල විහාර මාවත පිටුපස දෙවන කොටසේ සුවතා තීරුවේ කැළෑ පෙදෙසේ අඩි 8 ක පමණෙ කිඹුලකුද පැමිණ සිටීනුද දක්නට ලැබිණි.
මෙම ප්‍රදේශයේම පසුගිය කාලයේ සැරිසැරූ බල්ලන් කීප දෙනෙකුම අතුරුදන්වී සිටි බැවින් මෙලෙස ඇල මාර්ගයෙන් ගොඩට එන කිඹුලන් විසින් බල්ලන් ඩැහැගෙන යන්නට ඇතැයිද සැකකරන බෙ ජනතාව කියා සිටින අත, මෙම වැඩ අවසන් නොකළ කොටස හරහා නිතර ළමුන් ගමන් කරන බැවින් මෙම කලාපය දැනට අනාරක්ෂිත බවට පත්ව ඇත.