Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බරපතළ තුවාල ලැබූ ඉත්තෑවකු ගාල්ල හියාරේ සත්ත්ව ප්‍රතිකාර මධ්‍යස්ථානයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බරපතළ ලෙස තුවාල ලැබූ ඉත්තෑවකු වතුගෙදර ආඳාදොළ ජනපදයට පැමිණ තිබූ අතර, එම ඉත්තෑවා පිළිබඳව හික්කඩුව වනජීවී කාර්යාලයට දැනුවත් කිරීමෙන් අනතුරුව එම ඉත්තෑවා ප්‍රතිකාර සඳහා ගාල්ල හියාරේ පිහිටි සත්ත්ව ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලදී.

කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ආබාධයන්ට ලක්වන වන සතුන්ගේ ආරක්ෂාව සඳහා ඇති හික්කඩුව වනජීවී කාර්යාලයට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති ඇති අතර, තිබෙන එකම එක කැබ් රථය ද මේ දිනවල අලුත්වැඩියාව සඳහා රැගෙන ගොස් ඇත. මේ නිසා මෙම ප්‍රදේශයේ නොයෙකුත් අන්දමින් හානියට පත්වන වන සතුන් ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රවාහනය කිරීමට අසීරු තත්ත්වයක් පවතී. දැඩි දුෂ්කරතා මධ්‍යයේ හානියට පත්වන සතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා හික්කඩුව වනජීවි කාර්යාලයේ නිලධාරීන් මහත් අසීරුවෙන් තම යතුරු පැදිවල තබාගෙන තුවාල ලැබූ සතුන් රැගෙන යයි. මෙවැනි නිලධාරීන්ගේ කැප කිරීම මත අසරණ සත්ත්වයන්ගේ ජීවිත බොහෝවිට ආරක්ෂා වේ. වන සතුන් ආරක්ෂා කිරීම පිළිබඳව බොහෝ ආයතන ඇතත් එම සතුන්ට පිහිට වන නිලධාරීන්ගේ පහසුකම් සම්බන්ධයෙන් කිසිවෙකුගේත් අවධානයක් යොමුවී නොමැත. වගකීමෙන් තම රාජකාරිය ඉටුකරන නිලධාරීන් සිටින නිසා මෙසේ අසරණව සිටින වන සතුන්ගේ ජීවිත ආරක්ෂා වේ. නමුත් අනතුරුවලට පත්වන විශාල සතුන් ප්‍රවාහන පහසුකම් නොමැති හෙයින් ඔවුන්ගේ ජීවිත අවදානමට ලක් වේ.

කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක දෙකේ වන සතුන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කරන එකම රාජ්‍ය ආයතනය වන හික්කඩුව වනජීවී කාර්යාලයට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් ලබාදීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතුය.

Scroll to Top