වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිල්වලා ගංගාවේ පහළ ප්‍රදේශවල පවතින ජල මට්ටම් වර්ධනය විය හැකි බව පවසයි.
පසුගිය දින කිහිපයක තුළ ඇදහැලුණු වර්ෂාවත් සමඟ මාතර දිස්ත්‍රික්කයේ අතුරු මාර්ග කිහිපයක පහත් බිම් තවමත් ජලයෙන් යටවී පවතිනවා.
කඹුරුපිටිය.අතුරලිය,අකුරැස්ස ,සියඹලාගොඩ, මාතර යන මාර්ගවල ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ අකුරැස්ස, තිහගොඩ,අතුරලිය යන ප්‍රදේශවල පහත් බිම්වල වෙසෙන ජනතාවට තවදුරටත් අවදානයෙන් සිටින ලෙසයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ ඉංජිනේරු එස්.පී.සුගීෂ්වර පවසන්නේ ගිං ගඟ සහ අත්තනගලු ඔයේ ජල මට්ටමද තවමත් ඉහළ අගයක පවතින බවයි.