Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක් – රතු නිවේදනයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉදිරි පැය 03 සිට 24 දක්වා කාලය තුළ ප්‍රදේශ කිහිපයකට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

ඒ, අනුව අකුරැස්ස, කොටපොල, පිටබැද්දර, පස්ගොඩ, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, දෙවිනුවර සහ මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට එම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.

නිල්වලා ගඟ ද්‍රෝණියේ ඉහළ හා මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් මෙම ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

මධ්‍ය – බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, ඉදිරි පැය 24 තුළ දී තවදුරත් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් බංග්ලාදේශ වෙරළ වෙත (ශ්‍රී ලංකාවෙන් ඉවතට) ගමන් කරනු ඇති බවට බලාපොරොත්තු විය හැකි බව දැනුම් දී තිබේ.

එමෙන්ම ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, සබරගමුව, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවයි වැඩිදුරටත් වාර්තා වෙයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික ව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවට දැනුම් දී තිබේ.

Scroll to Top