Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මධ්‍ය – බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ, අනුව එය ඉදිරි පැය 12 තුළ දී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් බංග්ලාදේශ වෙරළ වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 14 සහ 20 සහ නැගෙනහිර දේශාංශ 84 සහ 92 අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 40 – 45ත් පමණ වන අතර, ඇතැම් අවස්ථාවල දී එය 55-65 ත් දක්වා වැඩිවිය හැකියි.

ඒ, අනුව ඉහත මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වන අතර, තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති විය හැකි බවයි දැනුම් දෙයි.

Scroll to Top