Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන කලාපයක් වර්ධනය වන ලකුණු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හෙට දිනය(21) වනවිට අඩුපීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඒ අනුව ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැකි අතර, බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේ වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Scroll to Top