උතුරු මාර්ගයේ ධාවනය වන දුර්මිය කාලසටහන සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව මීට පෙර කන්කසන්තුරයේ සිට පස්වරු 01.40ට ගල්කිස්ස බලා ධාවනය වූ අංක 4078 දරන යාල්දේවි දුම්රිය හෙට(21) සිට ධාවනය කෙරෙන්නේ උදෑසන 10ට බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අදාළ දුම්රිය ප්‍රධාන දුම්රිය ස්ථානවලින් පිටත්වන වෙලාව ද ඒ අනුව වෙනස් වී ඇති අතර එය පහත පරිදි වේ.
යාල්දේවි සීඝ්‍රගාමී දුම්රිය පෙරවරු 10 ට කන්කස්තුරෙයි (KKS) දුම්රිය ස්ථානයෙන් පිටත් වන අතර මීට පෙර එම දුම්රිය කොළඹ කොටුවට පස්වරු 1.40 ට පිටත් වුණා. යාල්දේවි ශීඝ්‍රගාමී දුම්රිය KKS වලින් පිටත් වූ පසු යාපනය පෙ.ව. 10.30 ට, කිලිනොච්චියට පෙරවරු 11.35 ට, වවුනියාව 12.50 ට, අනුරාධපුරයට 1.45 ට, මහව හන්දියට ප.ව. 3.42 ට, කොළඹ 4.30 ට, පොල්ගහවෙලට, ප.ව. 4.30 ට කොළඹට, 6.28 ට සහ ප.ව. 6.51 ට ගල්කිස්සට ළඟා වනු ඇති.
ඊට අමතරව තවත් ගමන්වාර කිහිපයකම යම් යම් සංශෝධන සිදු වී තිබේ.