Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොත්මලේ අසාමාන්‍ය සිදුවීම පිළිබඳව හෙළිදරව්වක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොත්මලේ, ජලාශයේ වෑතලාව ප්‍රදේශයෙන් ඇසෙන අසාමාන්‍ය හඬ පිළිබඳ බියක් ඇතිකර නොගත යුතු යැයි ද එය පොළොව ඇතිවන විවර තුළින් ජලය ගලායාමේ ශබ්දයක් බව ද මහාචාර්ය අතුල සේනාරත්න කීවේය.

ඒ අසා මහත් බියට පත් වූ ගැමියන් විසින් කරන ලද පැමිණිලි හේතුවෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් කරන ලද ඉල්ලීමක් කර තිබිණි.

මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න අද එම ස්ථානයට පැමිණ එම ශබ්දය පිළිබඳ පරීක්ෂා කර තිබිණි.

කොත්මලේ වෑතලාව ප්‍රදේශයෙන් ඇසෙන අසාමාන්‍ය හඬ පිළිබඳව සුවිශේෂී හෙළිදරව්වක් අද සිදුකළේය.

එහිදී  අදහස් දක්වමින් මහාචාර්යවරයා පවසා සිටියේ කොත්මලේ වෑතලාව ප්‍රදේශයෙන් ඇසෙන අසාමාන්‍ය හඬ පොළොව අභ්‍යන්තරයේ ඇතිවන විවර තුළින් ජලය ගමන් කිරීම නිසා ඇතිවන හඬක් බවය.

එය බරපතළ තත්ත්වයක් නොවන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.

පවතින වැසි සහිත කාලගුණයත් සමග කොත්මලේ හැඳුනුවැව වෑතලාව ක්‍රීඩාභූමිය අභ්‍යන්තරයෙන් අසාමාන්‍ය හඩක් ගම්මුන්ට ඇසී වී ඇත්තේ, පසුගිය පසුගිය 14 වැනිදා සිටය.

Scroll to Top