Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලක්නව් භාරත් රත්න ශ්‍රී අතාල් බිහාරි වජ්පායි එකානා ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 5ක ජයක් වාර්තා කළේය.

මේ ජයග්‍රහණයත් සමඟ මුල් තරග දෙකකින් පරාජය වී සිටි ඔස්ට්‍රේලියානුවෝ ජයග්‍රාහී පියවරක් ඉදිරියට තැබීමට සමත් විය.

තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

පැතුම් නිස්සංක සහ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා පළමු කඩුල්ලට ලකුණු 125ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැගූ හ.

කුසල් ජනිත් 16 වැනි එක් දින අර්ධ ශතකය වාර්තා කළ අතර, පැතුම් නිස්සංක ලබා ගත්තේ 11 වැනි එක් දින අර්ධ ශතකයයි.

පැතුම් නිස්සංක ලකුණු 61කට දැවී ගිය අතර, කුසල් ජනිත් පෙරේරා ලකුණු 78ක් රැස් කළේ ය.

කෙසේ වෙතත් අනතුරුව පිටියට පිවිසි කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකුට ස්ථාවර වීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබුණි.

ඔස්ට්‍රේලියා ඉනිම ආරම්භයේදී යම් තරමක හෝ පීඩනයක් එල්ල කිරීමට වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මධුසංඛ සමත් වූ අතර, ඔහු එකම ඕවරයක් තුළ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් හා ස්ටිව් ස්මිත් දෙදෙනාම ක්‍රීඩාගාරයට යැවීමට සමත් විය.

ලකුණු 210ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 35යි පන්දු 2කදී ලකුණු 215ක් රැස්කරමින් ජයග්‍රහණය හිමිකරගත්තේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Josh Inglis පන්දු 59කදී හයේ පහරක් සහ හතරේ පහර 5ක් සමග ලකුණු 58ක් රැස්කළේය.

මිචෙල් මාෂ් පන්දු 51කදී හතරේ පහර 9ක් සමග ලකුණු 52ක් රැස්කළේය.

 

Scroll to Top