අධික වර්ෂාවත් සමග වතු නිවාස පෙලක් මතට පස් කන්දක් කඩා වැටෙයි , පවුල් පහකට අයත් සමාජිකයන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරේ.
බගවන්තලාව ප්රදේශයට (14) දින රාත්රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග බගවන්තලාව තෙරේසියා වතුයායේ වතු නිවාස පෙලක් මතට (15) දින උදැසන විශාල පස් කන්දක් කඩා වැටිමෙන් වතු නිවාස පහක තාවකාලිකව ඉදි කර තිබු මුළුතැන්ගෙවල් වලට සහ වැසිකිලි වලට දැඩි අලාභ හානි සිදු වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.
(15) දින උදැසන 9 ට පමණ එම වතු නිවාස පේලියට පිටුපසින් පිහිටි පස් කන්ද එක වරම කඩා වැටුණු බවත්, පස් කන්ද කඩා වැටිමෙන් කිසිවෙකුට තුවාල සිදු වි නොමැති බවයි පොලිසිය කියා සිටියේ.
බගවන්තලාව ප්රදේශයට තවදුරටත් අධික වැසි පතිත වන නිසා පස් කන්ද කඩා වැටුණු නිවාස පහේ පදිංචි පවුල් පහකට අයත් සමාජිකයන් 30 දෙනෙකු පමණ එම වතුයායේ ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇත.
රංජි