Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මාර ගසක් කඩා වැටිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය පහක් ඇණ හිටි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

උඩරට දුම්රිය මාර්ගයට මාර ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු පැය පහක පමණ කාලයක් ඇණ හිට තිබු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.

උඩරට දුම්රිය මාර්ගයේ ගලබඩ සහ දෙකිද දුම්රිය ස්ථාන දෙක අතර 96 සැතපුම් කණුව අසලදි පස්වරු 1 ට පමණ පැවති අධික වර්ෂාවත් සමග මාර ගස කඩා වැටි තිබු බවත්, ගස කඩා වැටිමත් සමග දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වි ඇත.

දුම්රිය මාර්ගයට කඩා වැටුණු මාර ගස කපා ඉවත් කර දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරිමෙන් පසු (15) දින පස්වරු 5 ට පමණ උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත් කල බවත්, දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් වන තෙක් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු මගි ප්‍රවාහන දුම්රියන් නාවලපිටිය සහ ගලබඩ දුම්රිය ස්ථාන අතර නතර කර තිබු බවත්, බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු මගි ප්‍රවාහන දුම්රියන් හැටන් දුම්රිය ස්ථානයේ නතර කර තිබු බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.
පවතින වර්ෂාවත් සමග උඩරට දුම්රිය මාර්ගයේ වටවල සිට ගලබඩ දක්වා තවත් විශාල ගස් කිහිපයක් දුම්රිය මාර්ගයට කඩා වැටිමේ දැඩි අවධානමක් පවති.

Scroll to Top