Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අම්මලාගේ විභාගය නිමා වූ නිසා අම්මලා මෙන්ම දරුවොත් නිදහස් අම්මලාම කියයි…

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නිමාවට පත් විය.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ වී 12.15 ට නිමාවට පත් විය.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2888 කදී ආරම්භ වූ ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 337956 දෙනෙකු මුහුණ දීමට නියමිතව තිබිණි.

ශීෂ්‍යත්ව විභාගය පෙරවරු 9.30 ට ආරම්භ වූ අතර, විභායට මුහුණ දෙන සියලු අපේක්ෂකයින් 9.00 වන විට විභාග ශාලා වෙත ඇතුළු කිරීම සිදු කෙරිණි විභාගය 12.15 ට නිමාවට පත් විය.

විභාග මධ්‍යස්ථාන අසල ආරක්ෂාවට පොලිස් නිළධාරින් යොදවා සිටි අතර, දෙමාපියන්ද විභාග ශාලා වෙත දරුවන් ඇතුළු කර පාසල් අසල රැදී සිටින අයුරු දැක ගත හැකි විය.

විභාගය අවසන් කර විභාග මධ්‍යස්ථානයෙන් පිටතට පැමිණි සිසු සිසුවියන් අදහස් දක්වමින් කියා සිටියේ 02 ප්‍රශ්න පත්‍රය පහසු බවත්, පළමු ප්‍රශ්න පත්‍රය තරමක් අමාරු බවත්ය. එමෙන්ම රචනය ලෙස ඔරුවක් පා කරමු යන මාතෘකාව තිබූ බවද දරු දැරියන් පැවසීය.

මවුවරුන් කියා සිටියේ දරුවන් මෙන්ම තමන්ද අද සිට නිදහස් බවයි.

මහ වැසි මැද විභාගය අවසන් වූ දරුවන් දෙමාපියන් විසින් රැගෙන යන අයුරුද අප කැමරා කාචයේ සටහන් විය.

තිසරසමල් – අනුරාධපුර

Scroll to Top