විශේෂ අවශ්‍යතා සහිත දෘශ්‍ය අබාධිත සිසුවියක් බේල් ක්‍රමය යටතේ (15) දින නාවලපිටිය කණිෂ්ඨ බාලිකා විද්‍යාලයේදි පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටිහ.
ඇය නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ පදිංචි සදුපමා බෝසිරිනි සමරවිර වන අතර , ඇය සිය දෙමව්පියන් සමග විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ශාලාධිපතිවරයාගේ අධික්ෂණය යටතේ වෙනම පන්ති කාමරයකදි බේල් ක්‍රමය යටතේ විභාගයට පෙනි සිටිහ.
එම සිසුවිය මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ තමන් සාර්ථකව ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටි බවත්, ඇයගේ අනාගත බලාපොරොත්තුව කථිකාචාර්යවරියෙකු විම බවයි.