පොළව යට ඇතිවන අසාමාන්‍ය ශබ්දයක් හේතුවෙන් කොත්මලේ, වෑතලාව ගම්මානයේ පවුල් 50ක පිරිසක් අද (15) දිනයේ සිට රාත්‍රි කාලයේදී පමණක් ආරක්ෂිත ස්ථාන වලට යොමු කිරීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කරයි.
කෙසේ වෙතත් හෙට (16) දිනයේ නුවරඑළිය ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් යොදවා මේ පිළිබඳව පුර්ණ සොයා බැලීමක් සිදු කරනු ලබන බවද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කරයි.
කඳු රහිත තැනිතලා බිමක පවතින මෙම ගම්මාන නිරන්තරයෙන් එහි පොළව අභ්‍යන්තරයේ විවිධ ශබ්ද ඇසෙන බවට ගමේ ජනතාව විසින් කොත්මලේ ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම්දීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත.