Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

තද වැසි නිසා පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බගවන්තලාව ප්‍රදේශයට තද වැසි , කෙසෙල්ගමුඔය පිටාර ගලයි පාසලක් සහ පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි.
බගවන්තලාව ප්‍රදේශයට (11) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත් බිම් රැසක් සහ බගවන්තලාව සෙන්මේරිස් ජාතික පාසලට අයත් පහත් බිම් වල පිහිටි පන්ති කාමර කිහිපයක් ජලයේන් යට විය.
පැය දෙකකට ආසන්න කාලයක් පැවති අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය පිටාර ගැලිම නිසා බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු ගනනාවකට පිවිසෙන මාර්ගද වැසි ජලයේන් යට වි තිබුණි.
වැසි ජලයෙන් යට වු බගවන්තලාව සෙන්මේරිස් ජාතික පාසලේ පන්ති කාමර එම පාසලේ අධ්‍යපනය ලබන සිසු සිසුවියන් විසින් ශුද්‍ර පවිත්‍ර කිරිමෙන් අනතුරුව (12) දින එම පාසලේ අධ්‍යන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරිණ.

මධ්‍යම කදුකරයට තද වැසි, විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දමයි

නෝටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග විමසුරෙන්ද්‍ර ජලාශය (11) දින පස්වරුවේ සිට වාන් දමන බවයි ජලශ භාර ඉංජිනේරුවරුන් කියා සිටියේ.
විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිමත් සමග කැළණි ගගේ ජල මට්ටමද ඉහල ගොස් ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පැවසිය.

ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ

ඉහල කොත්මලේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් (12) දින පස්වරුවේ සිට විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පැවසිය.
එම ජල පෝෂක ප්‍රදේශයට තවදුරටත් තද වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.

රංජි

Scroll to Top