Aboutceylon Online

සොසේජස් බනිස් කන්නේ බලාගෙනයි – උගුර කැපුන පාරිභෝගිකයාට බරපතලයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජංගම රථයකින් (චූන් පාන්) අලෙවි කරන ලද සොසේජස් බනිස් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් එහි තිබූ බ්ලේඩ් තලයකට උගුර කැපී පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

තුවාල ලත් පුද්ගලයා සොසේජස් බනිස් ගෙඩිය මිලදීගෙන කොටසක් දරුවාට දී ඉතිරි මට ඉතිරි කොටස ආහාරයට ගෙන ඇත. එම අවස්ථාවේ එහි තිබූ බ්ලේඩ් එකට ඔහුගේ උගුර ප්‍රදේශය කැපී බරපතළ තුවාල වී රෝහල්ගත කර ඇත.

මෙම සිද්ධිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධිකරණය හමුවට පමුණුවා ඇත. එහිදී එම සොසේජ් බනිස් ගෙඩිය නිපදවූ වේවැල්දෙණිය ප්‍රදේශයේ බේකරිකරු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව විසින් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැර තිබේ.

දින කිහිපයකට පෙර මෙය සිදුවී ඇති නමුත් රෝහල්ගතව සිටි පුද්ගලයාට බරපතළ වීම හේතුවෙන් ප්‍රකාශයක් ලබාගැනීම ප්‍රමාද වුව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අධිකරණයේ පැවසීය.

බනිස් ගෙඩි බ්ලේඩ් තලයකින් කපා සොසේජස් ඇතුළු කරන බවත් එසේ කැපීමට යොදාගෙන තිබූ බ්ලේඩ්තලයක් බනිස් ගෙඩිය තුළ රැඳී ඇති බවත් පරීක්ෂණයේදි හෙළිවී ඇත.

Scroll to Top