Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අරංගල පරිසර පද්ධතියට ගිනි ; ශාක රැසක් විනාශයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි අධි සංවේදි කඳු පන්තීන් අතරට ගැනෙන නාඋල – අරංගල ප්‍රදේශයේ පිහිටි අරංගල කඳු මුදුනට කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇතැයි ප්‍රදේශවාසිහු කියා සිටිති.

ආවේණික ශාක හා සත්ව විශේෂ ගණනාවකගේ වාසභූමියක් වු අරංගල කන්ද කඳු නගින්නන්ගේ පාරාදිසයකි. පසුගිය දා (7) පස්වරුවේ දී නාඋල නගරයට දිස්වුයේ අරංගල කඳු පංතියේ ඉහළ කොටස ගිනිගෙන දැවෙන ආකාරයයි.

අරංගල කන්ද තරණයේ දී විවිධ පාර්ශ්ව විසින් අවස්ථා ගණනාවක දී පාරිසරික වශයෙන් හානි සිදුකර අවස්ථාවන් වල දී නාඋල ප්‍රාදේශීය සභාව, වන සරක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම පරිසර සංවිධානයක් වන දුම්බර මිතුරෝ පරිසර සංවිධානය ඇතුළු පරිසර හිතකාමි තරුණ කොටස් අරංගල කඳු පංතිය රැක ගැනීම උදෙසා විවිධ ව්‍යාපෘති ක්‍රියාවට නන්වා තිබේ.

එහෙව් පසුබිමක පාපතරයන් පිරිසක් විසින් අරංගල කඳු පංතියේ මුදුනත ප්‍රදේශයට ගිනි තැබීම සුළුපටු ක්‍රියාවක් නොවන බව බොහෝ පිරිස් කියා සිටිති.

Scroll to Top