බගවන්තලාව ප්රදේශයට (06) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ප්රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ප්රධාන අතු ශාඛාවක් වන කොටියාගලඔය පිටාර ගැලිමෙන් එම වතුයායට පිවිසෙන මාර්ගය කිහිපයක් සහ පහත්බිම් රැසක් ජලයෙන් යට විය.
පැය දෙකකට ආසන්න කාලයක් පැවති අධික වර්ෂාවත් සමග කොටියාගලඔය පිටාර ගැලු බවත්, පතිත වු වර්ෂාව අඩුවිමත් සමග පිටාර ගලා තිබු ජලය බැස ගිය බවයි එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටියේ.