කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල මිලිමිටර් 23 ක වර්ෂාපතනයක් ලැබුණු බවත්, ඒ අනුව කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.
මවුස්සාකැලේ ජලාශයේ වේල්ලේ උස අඩි 120 ක් වන අතර , මේ වන විට එම ජලාශයේ ජලය ධාරිතාව පිටාර මට්ටමට අඩි 09 ක් පහලින් තිබෙන බවත්, කාසල්රි ජලාශයේ වේල්ලේ උස අඩි 155 ක් වන අතර , මේ වන විට ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 12 ක් පහලින් තිබෙන බවයි ඉංජිනේරුවන් කියා සිටියේ.
ජලාශයන් දෙකේම ජල ධාරිතාව ඉහල යාමත් සමග විමලසුරෙන්ද්‍ර , කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවයි විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.