Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

“කැරකෙන රෝදේ“ ප්‍රසංගය සහ උපහාර උළෙල

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලාංකීය ගේය පදක රචක සංගමයේ උතුරු මැද පළාත් කමිටුව මගින් සංවිධානය ජ්‍යේෂඨ ගේය පද රචක කලාභූෂණ පොඩිරත්න අගමගේ මහතා සහ රාජ්‍ය සම්මානලාභී සිරිල් සමරකොන් මහත්වරුන් හට උපහාර දැක්වීම සහ රජරට ජ්‍යෙෂඨ ගේය පදක රචක අභාවප්‍රාප්ත අධීනීතීඥ රංබණ්ඩා සෙනෙවිරත්න සහ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර මහත්වරුන් අගයා “රන්මිණ“ සම්මානය පුද කිරීම සදහා “කැරකෙන රෝදේ“ ප්‍රසංගය සහ උපහාර උළෙල යොවුන් නිතේක රංග ශාලාවේ දී පැවැත්විණි.

දශක 08කට වැඩි කාලයක් රජරට කේෂ්ත්‍රෙය් ගීත කළාවට සුවිශේෂි මෙහෙවරක් කල කළාකරුවන් උදෙසා “රජරට ප්‍රභාෂ්වර“ සම්මාන 08ක් ද මෙහිදී පිරිණමන ලදී. මොවුන් විසින් ජනප්‍රිය ගායන ශිල්පීන් සදහා රචිත ගීතයන් ද මෙහිදී එඩ්වඩ් ජයකොඩි, ජානක වික්‍රමසිංහ, ක්‍රිශාන්ත එරන්දක, සන්ධ්‍යා බුලත්සිංහල කලාකරුවන් විසින් මෙහිදී ගායනා කරන ලදී.

මෙම අවස්ථාවට ගේය පදක රචක සංගමයේ අනුශාසක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම හෙමරත්න නායක ස්වාමීන් වහන්සේ, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර මහීපාල හේරත්, පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර ඇතුළු නිළධාරීන්, කළාකරුවන් ඇතුළු ප්‍රේක්ෂකයන් රැසක් සහභාගි වූහ.

song

තිසර සමල් – අනුරාධපුර

Scroll to Top