ලෝක ළමා දිනය වෙනුවෙන් මස්කෙළිය, ලකඹේ පිහිටි “සලෝන්” ළමා නිවාසයේ නේවාසිකව සිටින ළමයින් සඳහා මස්කෙළිය පොලීසියේ අනුග්රහයෙන් (01) දා රාත්රී ආහාරය ලබා දීම සිදු කළේය.
මෙම ළමා නිවාසයේ නේවාසිකව සිටින සිංහල, දමිළ ළමයින් 35 දෙනෙකු සඳහා මෙදින ආහාර ලබා දීම සිදු කර ඇත.
මෙම අවස්ථාවට මස්කෙළිය පොලිස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර මහතා සමග පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
සටහන හා ඡායාරූප-මස්කෙළිය ගාමිණී