ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අධීක්ෂණය යටතේ නාවලපිටිය තරුණයන් , පාසල් පාපැදි ක්‍රීඩා සමාජ සහ නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලය එකතුව ප්‍රථම වරට සංවිධානය කළ ලෝක ළමා දින ප්‍රදර්ශනාත්මක පාපැදි සවාරියක් (01) දින පැවැත්විණි.
නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියෙන් ආරම්භ කළ මෙම පාපැදි සවාරිය නාවලපිටිය නගරය පුරා කිලෝමීටර් හතරක දුරක් ගමන් කර නැවත එම විද්‍යාලයේ ක්‍රීඩා පිටියෙන් පාසල් දරුවන් 230 කගේ සහභාගිත්වයෙන් අවසන් කලහ.
පාපැදියයි නිරෝගි දිවියයි යන තේමාව යටතේ සංවිධානය කරනු ලැබූ මෙම පාපැදි සවාරියේ ආරම්භක අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පාසල් පාපැදි සංගමයේ ලේකම් සීතා කුමාරි ජයකොඩි මහත්මිය ,නාවලපිටිය ප්‍රදේශයේ තරුණ සහ පාසල් පාපැදි ක්‍රීඩා සමාජයේ ලේකම් නිහාල් බ්‍රාහ්මණගේ මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටිහ.
ලෝක ළමා දිනය නිමිත්තෙන් පාසල් ළමුන් 547 දෙනෙකුට වසරකට අවශ්‍ය අභ්‍යාස පොත් බෙදා දෙයි
ලෝක ළමා දිනය නිමිත්තෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන දික්ඔය දමිල මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 547 දෙනෙකුට වසරකට අවශ්‍ය අභ්‍යාස පොත් ලබාදිම (01) දින එම විදුහලේදි සිදු කෙරිණ.
එම විදුහලේ වත්මන් විදුහල්පති ආර්.සංකර් මණිවන්නන් මහතා ශ්‍රි ලංකා ලිපි ද්‍රව්‍ය වෙලද සංගමයෙන් කල ඉල්ලිමක් මත එම සංගමය විසින් එම විදුහලට රු ලක්ෂ 14 ක අභ්‍යාස පොත් පරිත්‍යාග කර තිබුණි.
ලෝක ළමා දිනය නිමිත්තෙන් එම සංගමයේ සභාපති නන්දකුමාර් , ලේකම් වි.තිල්ලෙයි නාදන් සහ හැටන් කලාප භාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ලක්ෂ්මි ප්‍රභා යන මහත්ම මහත්මියගේ සහභාගිත්වයෙන් අභ්‍යාස පොත් ප්‍රදාන උත්සවය සිදු කෙරිණ.
මානව සංවර්ධන සංවිධානය මගින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ලෝක ළමා දින උත්සව සැමරුමක් පවත්වයි
මානව සංවර්ධන සංවිධානය මගින් ලෝක ළමා දිනය නිමිත්තෙන් සැමරුම් වැඩසටහනක් (01) දින හැටන් කොටගල කෙම්බ්‍රිජ් ජාතික පාසලේදි පැවැත්විණ.
මානව සංවර්ධන සංවිධානයේ සභාපති සිවා සහ මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රාදේශිය සම්බන්ධිකරණ නිලධාරි මහනුවර විරන්ජන් ඩයස් සුමනසේකර යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවය පැවැත්විණ.
රංජි