ඉන්ධන මිල වැඩි කිරිම තමන්ට දරාගත නොහැකි බව රථ වාහන හිමියන් පවසයි.
මිල සුත්‍රයට අනුව ඊයේ(01) දින මධ්‍යම රාත්‍රියේ සිට ඩිසල් , පෙට්‍රල් මිල වැඩි කිරිම තමන්ට දරාගත නොහැකි බව රථ වාහන හිමියන් පවසයි.
මිට ප්‍රථම ඉන්ධන මිල වැඩි කිරිම හමුවේම තමන් දැඩි පිඩාවට පත් වි සිටි බවත්, යලිත් වරක් මෙසේ ඉන්ධන මිල වැඩි කිරිම හමුවේ බස් ගාස්තු ඇතුළු ආහාර ද්‍රව්‍ය මිල වැඩි වන බවත්, ඒ අනුව තමන්ට ජිවත් විමට පවා ගැටළුවක් පවතින බවයි වතු ආශ්රිත පාරිභෝගික ජනතාවද කියා සිටින්නේ.
ඉන්ධන මිල වැඩි කිරිම හමුවේ දැනටමත් තම ත්‍රිරෝද රථ වල මගි ජනතාව ගමන් නොකරන බවත්, පෙට්‍රල් මිල යලිත් වැඩි කිරිම හමුවේ ත්‍රිරෝද රථ ගාස්තු යලිත් වැඩි කලහොත් තමන්ට එම කර්මාන්තයෙන් ඉවත් වි වෙනත් රැකියාවල නිරත විමට සිදු බවයි ත්‍රිරෝද රථ රියදුරන් කියා සිටියේ.
රංජි