තව වසර මිලියන 250 කින් පෘථිවිය උණුසුම් වන විට ගොඩබිම් ක්ෂීරපායින් සියල්ලම වඳ වී යනු ඇති බවයි නිව් සයන්ටීස්ට් සඟරාව පවසයි.
ඔවුන් සඳහන් කරන්නේ මිනිසුන් වසර මිලියන ගණනකට පසුව තවමත් පවතී නම්, ඔවුන් සමකයට කේන්ද්‍රගත වූ සුපිරි මහාද්වීපයක අනපේක්ෂිත උණුසුම් තත්වයන්ට මුහුණ දෙනු ඇති බවයි.
කෙසේ වෙතත් එම තත්ත්වය බොහෝ ගොඩබිම ක්ෂීරපායින්ට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් වනු ඇති බවට ද මේ වන විට අනාවරණය වී තිබේ.
පෘථිවියේ මහාද්වීප සහ දේශගුණය ඉතා දිගු කාලීනව වෙනස් වන ආකාරය පිළිබඳ පරිගණක ආකෘතිකරණයට අනුව කරන ලද පුරෝකථනයක දී මේ පිළිබඳ තහවුරු වී ඇති බවයි එම සඟරාව පෙන්වා දෙයි.