එප්පාවල පොලිස් වසමේ කොන්වැව ගම්මානයට කොටු වී සිටි වන අලි රංචුවක් පළවා හැරීමට වනජීවී නිළධාරීන් ඊයේ (25) පෙරවරුවේ කටයුතු කළහ.
ආහාර සොයා එප්පාවල, කෝන්වැව ගම්මානයට පැමිණි වන අලි රංචුවක්, උදෑසන වන විටත් අසල රක්ෂිතයට ගමන් නොකිරීම හේතුවෙන් තලාව වනජීවී කාර්යාල නිළධාරීන් හා එප්පාවල පොලිස් ස්ථාන නිළධාරීන් එක්ව වනයට පළවා හරිනු ලැබීය.
වනජීවී නිළධාරීන් විසින් කෝන්වැව ගම්මානයේ කැලෑ රොදකට කොටු වී සිටි වන අලි රංචුව පළවා හැරිමට අලි වෙඩි ගැසූ අතර, එහිදී වන අලින් තිදෙනකු (තුන්පත් රෑනක්) ගම්මානය හරහා ඇති ප්රධාන මාර්ගය ඔස්සේත් තවත් වන අලින් 20 කට වැඩි රංචුවක් අලි වැට කඩා බිද ගෙනත් වනයට පළා ගොස් ඇත.
තිසර