වසර 33 කට පසුව යාපනයේ අධි ආරක්ෂිත කලාපයේ පිහිටි කෝවිල්වලට යාමට යාපනයේ වැසියන්ට යුද හමුදාවෙන් අවසර ලබා දී තිබේ.
1990 වසරේදී යාපනයේ පලාලී ගුවන් තොටුපලට ආරක්ෂාව සපයා ගැනීමට යාමේදී කන්කසන්තුරේ පලාලි ඇතුලු පළාත් කීපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කිරීමට ආරක්ෂක අමාත්‍යංශයට සිදු විය.
මේ හේතුව නිසා බොහෝ පළාත්වල වැසියන්ට ඔවුන් එතෙක් වන්දනාමාන කළ කෝවිල්වලට යාමට නොහැකි වුණි.
පසුගිය 23 වෙනිදා යුද හමුදාව ඔවුන්ට එම කෝවිල්වලට යාමටත් කෝවිල්වල පුද පූජාවන් පවත්වා ගෙන යාමටත් අවසර ලබා දී ඇති බව වාර්’තා වේ.
අප වාර්තාකරු සඳහන් කළේ එම අවසරය මත යාපනයේ බොහෝ පිරිස් ඔවුන්ගේ කෝවිල් වෙත ගොස් කෝවිල් සුද්ධ පවිත්‍ර කොට පොංගල් පූජාවන් පැවැත් වූ බවයි.