ඉදිරි මහ කන්නයේදී ආහාර බෝග 13 ක් වගා කිරීමට එකඟතාවකට පැමිණ තිබෙනවා.
ඒ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පත් කර ඇති බෝග නායකයින් සහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර පැවති සාකච්ඡාවකදී.
වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, රතු ලූණු, ලොකු ලූණු, මුං ඇට, කව්පි, සෝයා බෝංචි, කුරක්කන් , තළ, උඳු සහ රටකජු එලෙස වගා කිරීමට තීරණය කර තිබෙනවා.
ලබන මහ කන්නයේ වී අස්වනු නෙලා ගන්නා තෙක්, අවශ්‍ය ප්‍රමාණයට සහල් සහ වී තොග රට තුළ පවතින බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.