Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොවිඩ්වලට වඩා අතිශය භායනක ප්‍රතිකාර නොමැති ”නිපා” | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොරෝනා වලින් බැට කෑ ලොව, දැන් තවත් වෛරසක් ගොදුරු කර ගනිමින් සිටියි. “නිපා” නමින් හඳුන්වන මෙම නව වෛරසය පළමු වරට මැලේසියාවෙන් වාර්තා විය. පසුගියදා ඉන්දියාව පුරා පැතිර ගිය මෙම වෛරසය ලොව පුරා රටවල් රැසක ව්‍යාප්ත වී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලද මේ වනවිට මෙම “නිපා” වෛරසය ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාරාන්තික නිපා (Nipha – NiV) වයිරසය පැතිරී යාම හේතුවෙන් දකුණු ඉන්දීය කෙරල ප්‍රාන්තය තුළ පාසල් සහ ගමනාගමන පද්ධති තාවකාලික ව වසා තැබීමට කටයුතු කර තිබේ. පසුගිය සතිය පුරා පුද්ගලයන් 700 කට අධික පිරිසකට නිපා වැළඳී තිබේ දැ යි පරික්ෂා කර බලා තිබෙන බව සඳහන් වෙයි.

වවුලන් සහ වෙනත් ක්ෂීරපායන්

වවුලන් සහ වෙනත් ක්ෂීරපායන් අතර පවතින නිපා වයිරසය මිනිසුන්ට වැළඳෙන බව මුලින් ම සොයා ගැනු‍ණේ 1998 දී මලයාසියාවේ ඌරු ගොවිපලවල් ආශ්‍රිත ගොවියන් අතරේ පැතිරෙන්නට පටන් ගැනීමත් සමගයි. ආසාදිත ඌරන් මඟින් එය සිංගප්පූරුවට ද පැතිරුණු එය ආසාදන 300ක් අතරින් මරණ 100කට වග කිව යුතු වනවා. නිපා වයිරසය අධික මරණ අනුපාතයකට හිමිකම් කියන අතර එය 40% – 75% ත් අතර විචල්‍ය අගයක් ගත හැකියි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පර් යේෂණ හා සංවර්ධන කටයුතු සිදුකරමින් පවතින ප්‍රමුඛතා රෝග කාරක ලැයිස්තුවට ඉබෝලා, සීකා, මර්ස්, ලස්සා යන වෛරස සමග මෙම නිපා වෛරසයද ඇතුළත් කර තිබේ.

වවුලන්, ඌරන් හෝ වෛරස ආසාදිත පුද්ගලයන් තුළින් ඍජුවම තවත් අයෙකුට නිපා වෛරසය ආසාදනය විය හැකිය. එන්සෙපලයිටිස් සහ මස්තිෂ්ක ප්‍රදාහයට හේතුවන නිපා වෛරසයට එරෙහිව තවමත් එන්නතක් සොයාගෙන නොමැත.

නිපා වෛරසය ගැන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු හුවමාරු වෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

“මිනිස් වර්ගයා මහත් පීඩාවකට පත්කල කොවිඩ් – 19 ගෝලීය වසංගත අත්දැකීමෙන් පසු ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම ලාංකික අපත් බෝ වෙන රෝග සම්බන්ධයෙන් පසුවන්නේ දැඩි විමසිල්ලකින්.

ඉන්දියාවේ කේළර ප්‍රාන්තයේ පැතිරෙන බවට වාර්තාවෙන නිපා (Nipah) වෛරසය පිළිබඳ විවිධාකාරයේ අදහස් පැතිරෙමින් පවත්නා මොහොතක, මේ තත්වය පිළිබඳව මේ වනවිට තහවුරුව පවත්නා විද්‍යාත්මක දැනුම ඔබ සමග බෙදාගැනීමටයි අපගේ මේ සූදානම.

මූලිකවම සතුන්ගෙන් මිනිසාට බෝවෙන (Zoonotic) බවට සොයාගෙන ඇති මෙම නිපා (Nipah) වෛරසය,1999 වසරේ දී මුල්වරට හඳුනාගැනෙන්නේ මැලේසියාවේ ඌරු ගොවිපළවල කටයුතු කල පිරිසක් අතර පැතිරගිය අවස්ථාවේ දී. වෛරසය ආසාදිත ඌරන් අනාරක්ෂිතව ස්පර්ශ කිරීමෙන් ඔවුන්ගේ පටක, ශරීර තරළ සහ මළ මූත්‍රාමගින් එවර මිනිසුන්ට රෝගය බෝවී තිබෙනවා.

ඉන් අනතුරුව මැලේසියාවෙන් නැවත රෝගීන් වාර්තා නොවුවත් 2001 දී බංග්ලාදේශයෙනුත් නැගෙනහිර ඉන්දියාවේ කලින් කලටත් මෙම රෝගය පැතිර යෑම් සිදුවී තිබෙනවා. මෙවර අවධානයට ලක්ව තිබෙන කේරළය පසුගිය වසර පහ තුළ මෙම වසංගතයට මුහුණ දෙන්නේ හතරවෙනි වතාවටයි.

ඉන්දියාව සහ බංග්ලාදේශය ආශ්‍රිතව මෙම ආසාදන පැතිරීමේ හේතුව ලෙස සැළකෙන්නේ, ස්වභාවිකවම නිපා (Nipah) වෛරසය දරා සිටීමේ හැකියාව ඇති වවුල් විශේෂයක ආසාදිත සතුන්ගේ මූත්‍රා සහ කෙළ තැවරුණ පළතුරු වර්ග / යුෂ මිනිසුන් විසින් ආහාරයට ගැනීමයි.

දැනට පවත්නා විද්‍යාත්මක දත්ත අනුව දැක්වෙන්නේ මෙම රෝගය මිනිසෙකුගෙන් මිනිසෙකුට එතරම් පහසුවෙන් පැතිර නොයන බවයි. රෝගී අයෙකුගේ ශරීර තරල සහ මළ මූත්‍රා මගින් එය බෝවීමට ඉඩ තිබෙන අතර බොහෝවිට එලෙස ආසාදනය වී තිබෙන්නේ රෝගියාට ඉතාම සමීපව කටයුතු කල අය වීම විශේෂයෙන්ම සඳහන් කල යුතුයි.

යම් හෙයකින් වෛරසය මිනිසෙකු හට ශරීරගත වුවහොත් රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වීම, සාමාන්‍ය ශ්වසන ආසාදනයක ලක්ෂණ පෙන්වීම මෙන්ම මාරාන්තික මස්තිෂ්ක ප්‍රදාහ (encephalitis) තත්වයක් දක්වා පුලුල් පරාසයක තත්වයන් ඇතිවීමට ඉඩ කඩ තිබෙනවා.

වෛරසය සිරුරට ඇතුලු වී දින 4 – 14 ත් අතර කාලයක දී උණ, හිසරදය, මස් පිඬු වේදනාව, වමනය, උගුරේ වේදනාව වැනි මූලික රෝග ලක්ෂණ ඇති වෙනවා. හඳුනාගත් රෝගීන්ට රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීම සාමාන්‍ය ක්‍රමවේදයි.

මිනිසුන් අතර සිදුවන ආසාදන වළක්වාගැනීමට රෝගීන් සමඟ කටයුතු කිරීමේ දී ආරක්ෂිත ක්‍රමවේද මගින් ඔවුන්ගේ ශරීර තරලවලට නිරාවරණය වීම වළක්වා ගැනෙනවා. මෙය වළක්වන එන්නතක් දැනට භාවිතයේ නැහැ.

යම් ප්‍රදේශයක නිපා (Nipah) රෝගය පැතිර යන අවස්ථාවල දී ඊට අදාළව මහජන සෞඛ්‍ය උපදෙස් නිකුත් කෙරෙන අතර ලාංකික අප නිසි දැනුමෙන් සවිමත්ව සහ අවධානයෙන් යුතුව පසුවීම මේ අවස්ථාවේ දී ප්‍රමාණවත්.

ඉදිරියේදී පවත්නා තත්වයේ වෙනසක් ඇතිවුවහොත් හෝ මේ පිළිබඳව විද්‍යාත්මක දැනුම යාවත්කාලීන වීමක් සිදුවුවහොත් කඩිනමින් ඔබව දැනුවත් කිරීමට අප සූදානමෙන් සිටිනවා.”

රෝග ලක්ෂණ

උණ, වමනය පිටවීම සහ ස්වසනයේ දී ඇති වන අපහසුතා මෙම වයිරසයේ රෝග ලක්ෂණ ලෙස හඳුනාගෙන තිබෙනවා. මොළයට බලපෑම් ඇති කරමින් රෝගියා පැය 24ත් 48ත් ඇතුළත කෝමා තත්ත්වයකට පත් කිරීමට එය සමත්. ඉහළ මරණ අනුපාතයකට හිමිකම් කීවත්, එමෙන් ම නිශ්චිත ප්‍රතිකර්මයක් සොයාගෙන නැතත් ඉන්දියාවෙන් ඇරඹි මෙම වසංගත තත්ත්වය ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා පැතිර යාමට ඇති ඉඩකඩ ඉතා ම මඳ බවයි. ඉන්දියාවෙන් වාර්තා වූ ආසාදනය වීම් අතරින් ද මිනිසෙකුගෙන් මිනිසෙකුට සම්ප්‍රේෂණය වූ අවස්ථා සීමිත බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ. කෙසේ නමුත් එය ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ගෝලීය වසංගතයක් දක්වා පැතිරී යා හැකි විභවය සහිත බැවින් වහා පර්යේෂණ සිදු කළ යුතු යැ යි නම් කර තිබූ ඉබෝලා, සිකා සහ කොවිඩ් – 19 වැනි වයිරස අතර ප්‍රමුඛ පෙළේ පසු වනවා.

‘නිපා’ වයිරසය නිසා සතුන් කටගැසූ පලතුරු කන්න එපා

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන නිපා වයිරසය මේ වනතුරු රටට තර්ජනයක්ව නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය. නිපා වයිරසය මිනිසකුගෙන් තවත් මිනිසකුට බෝ වන්නේ ඉතා සමීප ඇසුරක් ඔස්සේ ශ්වසන මාර්ගයෙන් හා ඛේටය ඇතුළු ශරීර තරල මඟින් බවත්, මේ නිසා රෝගය පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැති බවත් සරල සෞඛ්‍ය පුරුදු දැනට ප්‍රමාණවත් බවත් මාධ්‍ය හමුව අමතමින් අපේක්ෂා රෝහලේ සායනික වයිරස්වේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරංග සුමතිපාල ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් නිපා වයිරසය වවුලන්ගෙන් හා උෟරන්ගෙන් පැතිර යන බැවින් වවුලන් ඇතුළු සතුන් කටගැසූ පලතුරු ආහාරයට නොගැනීමත්, පලතුරු ආහාරයට ගනිද්දී ඉතා හොඳින් සෝදා ආහාරයට ගැනීමත් අනිවාර්යයෙන් කළ යුතු යැයි ඔහු දන්වා සිටියේය. එමෙන්ම නීතියෙන් අනිවාර්යය නැතත් මුව ආවරණ පැලඳීම මඟින් හොඳ ආරක්ෂාවක් සපයන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

නිපා අප රටට ඇතුළුවීම වළක්වා ගැනීමට

ඉන්දියාවේ ප්‍රදේශ කීපයක මේ වනවිට පැතිර යන මාරාන්තික නිපා වයිරස් රෝග තත්ත්වය අප රටට ඇතුළුවීම වළක්වා ගැනීමට වහාම සුදුසු රෝග අවේක්ෂණ කටයුතු අරඹන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මියට උපදෙස් දී ඇත.

ඊයේ(22)පේරාදෙණියේ පිහිටි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු කාර්යාලයට ගිය ඇමැතිවරයා නිපා වෛරස් රෝගය නිසා මෙරට සත්ත්ව නිෂ්පාදන කර්මාන්තය මෙන්ම මහජන සෞඛ්‍යාරක්ෂාව සඳහා ගෙන ඇති පියවර සම්බන්ධව කළ විමසීමකින් පසුව මේ උපදෙස් දී තිබේ.

කුරුළු උණ රෝගය මෙරටට ඇතුළුවීම වළක්වා ගැනීමට අපේ රටේ සියලු අංශවලට හැකි වුවාක් මෙන් මේ නිපා වයිරසයද මෙරටට ඇතුළුවීම වළක්වා ගැනීමට සියලු පියවර ගත යුතු බවද ඇමැතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

එහිදී අදහස් පළ කළ අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙහිදී අවධාරණය කර ඇත්තේ නිපා රෝග තත්ත්වය ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඇති ඉඩකඩ අල්ප බවත්, විශේෂයෙන් ඌරන්ගෙන් මේ රෝගය ව්‍යාප්ත විය හැකි බැවින් අපේ රටේ සිටින ඌරන් සම්බන්ධව අවධානය යොමු කරමින් රෝග ආවේක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්ය.

මෙම වෛරසය සඳහා මෙතෙක් නිශ්චිත ඖෂධයක් සොයාගෙන නොතිබීමත් රෝගය වැළඳුනු පුද්ගලයින් අතුරින් 70%ක් මියයාමේ අවධානමක් පැවතීමත් හේතුවෙන් නිපා වඩාත් හානිකර බලපෑමක් සිදුකරන බව වැඩිදුරටත් වාර්තා වෙයි.

මෙම වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණ වීමේ අවධානම ඉතා ඉහළ බවත් මෙම වෛරසය ආසාදනය වූවන්ට උණ, දැඩි හිසරදය, නිද බර ගතිය සහ ව්‍යාකූලත්වය මෙන්ම පපුවේ ආසාදන තත්වයන්ද ඇතිවිය හැකි බව අත්දැකීම් ඇති රටවල සෞඛ්‍ය අංශ සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වැඩිරටත් සඳහන් කරයි.

Scroll to Top