Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

යහපත් කෘෂිකර්මාන්තයක් උදෙසා වූ උපාය මාර්ගික ප්‍රවේශයක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්‍යේෂණ ආයතන ශ්‍රවණාගාරයේදී

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

යහපත් කෘෂිකර්මාන්තයක් උදෙසා වූ උපාය මාර්ගික ප්‍රවේශයක් ගොඩනැගීමේ ජාතික කතිකාවත 2023 සැප්තැම්බර් 19 එනම් හෙට දින සවස 2. 00 ට කොළඹ 07 , හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්‍යේෂණ ආයතන ශ්‍රවණාගාරයේදී .

අද වන විට අප රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රය තුල බරපතළ අර්බූද ගණනාවක් පැන නැගි ඇති අතර විශේෂයෙන් නිසි නියාමනයකින් තොරව රසායනික තෙල් පොහොර භාවිතය නිසාවෙන් අධික විෂ සහිත ආහාර පරිභෝජනය කරන රටවල් අතුරින් අප රට ද ප්‍රමුඛ රටකි. පසුගිය කාල වකවානුවේ රසායනික පොහොර තහනමත් සමග කාබනික ගොවිතැනට ප්‍රමුඛත්වය දෙමින් කාබනික පොහොර නිෂ්පාදනය හා භාවිතයට ගොවියන් යොමු වුවද මාර්ගගත සැලැස්මක් නොතිබීම නිසා එය මුලුමනින්ම අකර්මණ්‍ය විය.

අද වන විට යළිත් අපේ කෘෂිකර්මාන්තය අධික විෂ සහිත රසායනික තෙල් පොහොර භාවිතයට යොමු වීම ඉතාමත්ම අභාග්‍ය සම්පන්නය. එනිසාම අනාගතයේ ඇතිවන බරපතළ සෞඛ්‍යමය අවදානම තුරන් කිරිම උදෙසා යහපත් කෘෂිකර්මාන්ත වත් පිළිවෙත් සපුරාලීම උදෙසා මාර්ගගත උපාය මාර්ගික ප්‍රවේශයක් සදහා යහපත් කෘෂිකර්මාන්තයක් උදෙසා වූ ජාතික කතිකාවත 2023 සැප්තැම්බර් මස 19 වෙනි අගහරුවාදා සවස 2.00 ට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්‍යේෂණ ආයතයේ දී පැවැත්වෙයි.

Scroll to Top