ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව ශාස්ත්‍රවේදී (අභ්‍යන්තර) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා සිසුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලබනවා.
මේ සඳහා 2021, 2022 වර්ෂවල පැවති අ.පො.ස. උසස් පෙළ විභාගයට සහ ප්‍රාචීන මධ්‍යම විභාගයට පෙනී සිටි සුදුසුකම් සපුරා ඇති වයස අවුරුදු 28ට අඩු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේට සහ ගිහි පිරිමි සිසුන්ට අයදුම්පත් ඉදිරිපත් කළ හැකියි.
2023.10.10 දින දක්වා අයදුම්පත් භාරගනු ලබන අතර එදිනට පෙර සම්පූර්ණ කරන ලද අයදුම්පත් සහකාර ලේඛකාධිකාරී (අධ්‍යයන හා ශිෂ්‍ය සේවා), ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, ගුරුළුගෝමී මාවත, පිටිපන උතුර, හෝමාගම යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුයි.
අයදුම්පත හා අදාළ විස්තර www.bpu.ac.lk යන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය වෙබ් අඩවිය වෙත ප්‍රවේශ වීම මඟින් ලබා ගත හැකියි.
011-2857786 හා 011-2891104 යන දුරකථන අංක විමසා වැඩිදුරටත් විස්තර ලබා ගත හැකි බව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය දන්වා සිටියි.