Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පිටසක්වල ජීවින් ගැන හෙළිදරව්වක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නාසා ආයතනය UFO දර්ශන සිය ගණනක් පරික්ෂා කර බැලීමෙන් අනතුරුව පිටසක්වල ජීවින් පැමිණි බවට කිසිඳු සාක්ෂියක් නොමැති බවට ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් පිළිගත හැකි සාක්ෂි තවමත් ඉදිරිපත් වී නොමැති බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

නමුත් වැඩිදියුණු කළ තාක්ෂණය සහ කෘතිම බුද්ධිය සමඟ නාසා විසින් මෙම සිද්ධි අධ්‍යනය කළ ආකාරය සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකර නොමැති බවයි වාර්තා වන්නේ.

අත්භූත ජනක පියාසර වස්තූන් හුදෙක් පිටසක්වල යානා යැයි බහුතරයක් දෙනා නොසලකති. එය බොහෝ දුරට මිනිස් ක්‍රියාකාරකමක් විය හැකි බවයි බොහෝ විද්වතුන්ගේ මතය. උදාහරණයක් ලෙස අමෙරිකාව 1950 දශකයේ දී සෝවියට් රුසියාවේ ඔත්තු බැලීම සඳහා රහසිගතව අධි තාක්‍ෂණික යූ-2 යානා නිෂ්පාදනය කර නෙවාඩා හි කුප්‍රකට ඒරියා-51 ගුවන් කඳවුර ආශ්‍රිතව ඒවා අත්හදා බැලීය.

සාමාන්‍ය ගුවන් යානාවලට උඩින් අඩි 60,000ක් ඉහළ අහසේ පියාසර කළ යූ-2 යානා එදා ජනතාව හා සාමාන්‍ය ගුවන් නියමුවන් දුටුවේ අත්භූත ජනක යානා ලෙසින්. අමෙරිකානු රජය එදා නිහඬව සිට සැබෑ තොරතුරු හෙළි කළේ දශක කිහිපයකට පසුවයි. එපමණක් ද නොව අමෙරිකානු ගුවන් හමුදාව සතු අත්භූත හඩැති අධිතාක්‍ෂණික යානාවල තිඹිරිගෙය වූයේද රහසිගත නෙවාඩා කඳවුරයි. බ්ලැක් බර්ඩ් එෆ්-117, නයිට් හෝක් හා බී-2 ප්‍රහාරක යානා ඒ අතරින් කිහිපයක්.

පිටසක්වල ජීවින් ඇත්දැයි සොයාබැලීම සඳහා තවදුරටත් කටයුතු කළ යුතු බව අමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

Scroll to Top