ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර තීරණාත්මක තරගය අද (14) පැවැත්වේ.
අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් කණ්ඩායම් දෙකටම මෙම තරගය ජය ගැනීම අතිශය වැදගත් වනු ඇති.
යම් හෙයකින් මෙම තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුවහොත්, දෙපිලටම ප්‍රසාද ලකුණු බැගින් හිමි වේ.
එය එසේ වුවහොත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තීරණය වන්නේ දළ ලකුණු රැස් කිරීමේ වේගය අනුවයි.
ශ්‍රී ලංකාව මෙතෙක් තරගාවලිය තුළ දළ ලකුණු රැස් කිරීමේ වේගය අනුව පකිස්ථානයට වඩා ඉදිරියෙන් සිටි.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අද තරගය පස්වරු 3.00 ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
පකිස්තානය සතු ප්‍රබල වේග පන්දු යවන්නන් දෙදෙනකු වන හැරිස් රවුෆ් සහ නසීම් ෂා ආබාධ ලැයිස්තුවට එක්ව සිටින හෙයින් අද තරගයට ක්‍රීඩා නොකරනු ඇත. ඒ වෙනුවට ෂානවාස් ධහානී හා සමාන් ඛාන් අද තරගයට ක්‍රීඩා කිරීමේ සූදානමින් සිටි.
ලොව අංක එකේ එක් දින කණ්ඩායම ලෙස ශ්‍රේණිගතව සිටින පකිස්තානයේ පන්දු යැවීමේ අංශය ඉතා ප්‍රබල බැවින් ඔවුන් පරාජයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට අද තියුණු තරගයක නිරත වීමට සිදු වේ.
පාකිස්තානය හා ශ්‍රී ලංකාව මෙතෙක් එක්දින තරග 155කට ක්‍රීඩා කර ඇති අතර, ඉන් තරග 92ක ජය පාකිස්තානය හා තරග 58ක ජය ශ්‍රී ලංකාව ලබා ඇත.
මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 17 වැනි ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී ඉන්දියාවට එරෙහිව සටන් බිමට පිවිසීමට නියමිතයි.
ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, කසුන් රාජිත, දුශාන් හේමන්ත, ප්‍රමෝද් මධුෂාන්, බිනුර ප්‍රනාන්දු
පාකිස්තාන සංචිතය: බාබර් අසාම් (නායක ), ෆකර් සමාන්, ඉමාම් උල් හක්, මොහොමඩ් රිස්වාන්, අගා සල්මන්, ඉෆ්තිකාර් අහමඩ්, සදාබ් ඛාන්, ෆහීම් අශ්රෆ්, ශහීන් අෆ්රිඩි , නසීම් ෂා, හැරිස් රවුෆ්, ෂානවාස් ධහානී හා සමාන් ඛාන්