Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මොළයේ සෛල විනාශ කරන මාරාන්තික නිපා වෛරස් ආසාදිතයින් හඳුනා ගනී

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දුර්ලභ වෛරස් ආසාදනයකින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙයි.

නිපා ලෙසින් හඳුන්වන මෙම වෛරසය හේතුවෙන් මේ වන විට දෙදෙනෙකු මිය ගොස් තිබෙයි

ඉන් එක් අයෙක් අගෝස්තු මාසයේදී මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා මීට දින කිහිපයකට පෙර මියගොස් ඇත.

මෙම දෙදෙනාම එකම පවුලේ සාමාජීකයන් බව වාර්තා වෙයි.

නිපා වයිරසය මොළයේ සෛල විනාශ කරන අතර කෙල සමඟ මිශ්‍ර වීමෙන් මිනිසුන් අතර පැතිර යන බව වෛද්‍යවරු පවසා ඇත .

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, වෛරසය ආසාදිත බවට තහවුරු වූ තවත් කුඩා දරුවකු ඇතුළු රෝගීන් කිහිපදෙනෙකු හුදකලා කර ප්‍රතිකාර ලබාදෙන බවය.

නිපා වෛරස් ආසාදිතයින් සමග සමීප සබඳතා පැවැත්වූ 700 කට වැඩි පිරිසක් පරීක්ෂා කර ඇති අතර ඔවුන් ආසාදිතයින් දැයි මෙතෙක් තහවුරු වී නැත.

කේරල ප්‍රාන්තයේ පාසල් කිහිපයක් ද වසා දමා ඇති අතර පොදු ප්‍රවාහන සේවා සහ කාර්යාල කටයුතු තාවකාලිකව නතර කර තිබේ.

2018 වසරේ සිට මේ දක්වා කාලය තුළ ඉන්දියාවේ කේරල ප්‍රාන්තය තුළ මාරාන්තික නිපා වෛරසය පැතිර යන 04 වන අවස්ථාව මෙයයි.

2018 වසරේ කේරල ප්‍රාන්තයේ නිපා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් 23 දෙනෙකුගෙන් 21 දෙනෙකුම මියගියහ.

නැවත මතු වෙමින් පවතින නිප වෛරස

නැවත මතු වෙමින් පවතින නිපා වෛරසය (Nipah virus (NiV) සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන අතර, පලතුරු ආහාරයට ගන්නා වවුලන් මඟින් මෙය පැතිරෙමින් ඇත.

1999 දී ප්‍රථම වරට හඳුනාගත් මෙම වෛරසය, මැලේසියාවේ සහ සිංගප්පූරුවේ ගොවියන් සහ ඌරන් රැක බලා ගත් පුද්ගලයන් අතර බහුලව පැතිර ගියේය.
එවර 300කට ආසන්න පුද්ගලයන් ප්‍රමාණයක් මෙම වෛරසය හේතුවෙන් රෝගී වූ අතර, එයින් සිය දෙනෙකු මියගොස් තිබුණි. වෛරසය පැතිරීම වැළැක්වීම සදහා ඌරන් මිලියන ගණනක් මරා දැමුණු බැවින් මැලේසියාවේ මාංශ කර්මාන්තයට දැඩි පාඩු සිදු විය.
වෛරසය පැතිරෙන ප්‍රදේශවල සිටින රෝගී වූ ඌරන් සහ වවුලන් මඟ හැරීමෙන් මෙන්ම ගෙඩියේ තිබිය දී පොල් වතුර පානය නොකිරීමෙන් නිපහ් වළක්වා ගත හැකිය.
උණ, හිසේ රුදාව, ක්ලාන්ත ගතිය, හුස්මගැනීමේ අපහසුව සහ මානසික ව්‍යාකූලතාව මෙහි රෝගී ලක්ෂණ වේ. මෙකී රෝගී ලක්ෂණ පෙන්නුම් කර පැය 24ත් 48ත් කාලයක් තුළ පුද්ගලයෙකු කෝමා තත්වයට පත් විය හැකිය.
නිපහ් වෛරසය වැළැක්වීමට මේ වන තෙක් එන්නතක් සොයා ගෙන නොමැත.

Scroll to Top