දුම්රියක වහලය මත නැග පැමිණි මගියෙකු හොරපේ ප්‍රදේශයේදී ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ වහලය මත නැග පැමිණි මගියෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මහනුවර සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියට ඔහු රාගමින් ගොඩවී ඇතැතැයි පාලක මැදිරිය සඳහන් කළේ ය.
මියගොස් ඇත්තේ ඩබ්. ඩී .ඩී අයි පෙර්රා නැමැති 18 හැවිරිදි සිසුවෙක් බව අනාරණය වී තිබේ.
ඔහු ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ අයෙකි. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවෙකු බවත් තහවුරු නොවු තොරතුරු අනාරණය වී ඇතැයි පොලීසිය කියයි.
දුම්රිය රියැදුරන් පිරිසක් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මගීහු දැඩි අසීරුතාවට පත්ව සිටිති
දුම්රිය රියදුරන් ක්‍රියාත්මක කර ඇති වැඩ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් ගමන්වාර 20 කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
ධාවනය කරන සීමිත දුම්රිය වලින් ගමන් පහසුව සලසා ගැනීමට උත්සාහ කිරීමෙන් මගී ජීවිත දැඩි අවදානමකට පත්ව ඇති අතර මගීන් තෙරපීම, දුම්රියවලින් ඇද වැටීම ආදී අනතුරු හේතුවෙන් තුවාල ලැබූ අවස්ථාව ද තිබේ.
අසනීප තත්ත්වයන් හේතුවෙන් ක්ලාන්ත තත්ත්වයට පත්වෙන මගීන් ද දැකිය හැකි අතර විවිධ රෝගී තත්ත්වයන් සහ ආබාධයන්ට පත්ව සිටින ජනතාව මෙම වර්ධනය හේතුවෙන් දැඩි අපහසුතාවකට පත්ව සිටිති.
මේ අතරින් ප්‍රධාන මාර්ගයේ මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බවද වාර්තා වේ..
දුම්රිය අවලගුවීම් මෙන්ම ප්‍රමාදවීම් රැසක්
පාලක මැදිරියේ පැවසුවේ මේ වන විට දුම්රිය අවලගුවීම් මෙන්ම ප්‍රමාදවීම් රැසක් පවතින බවයි.සියලු මාර්ගවල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, දුම්රිය රියැදුරන් පිරිසගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙනි.දුම්රිය දොපාර්තමේන්තුව පැවසුවේ, මේ හේතුවෙන් මන්දගාමි දුම්රිය ගමන්වාර අවලංගු වීමේ වැඩි හැකියාවක් පවතින බවය.
කාර්යාල දුම්රියන් කිහිපයක් ද මේ හේතුවෙන් අවලංගු විය හැකි අතර ධාවනයට එක්කෙරෙන සියලු දුම්රියන් ද ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
කොළඹ විදුලි බලවේග ධාවනාගාර සහ බලවේග ධාවනාගාර දුම්රිය සේවකයින් ඊයේ (11) රාත්‍රී 12 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ ය.
ඒ, බඳවා ගැනීමේ සහ විශ්‍රාම ගැන්වීමේ ගැටලු කිහිපයක් මුල්කරගනිමිනි.
පවතින දුම්රිය වර්ජනය හේතුවෙන් අවම වශයෙන් දුම්රිය ගමන්වාර 20ක් පමණ අවලංගු කර තිබෙනවා.
ඒ අනුව රඹුක්කන, හලාවත, කළුතර අලුත්ගම, පානදුර, පාදුක්ක සහ කොස්ගම සිට කොළඹ බලා පිටත් වන දුම්රිය කිහිපයක් අවලංගු කර තිබෙන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
මීට අමතරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් කොළඹින් පිටත්වන දුම්රිය කිහිපයක් ද අවලංගු කර තිබෙනවා.
වර්ජනය හේතුවෙන් අනෙකුත් දුම්රිය ද ප්‍රමාද වන ද බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.
අවලංගු වූ සහ ධාවනය වන දුම්රියන්
ප්‍රධාන දුම්රිය මාර්ගය
- මහව හන්දියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ දී මගී ධාරිතාවය ඉක්මවා ගොස් ඇත.
- කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය කොටුව දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.
- රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය අද දින ධාවනය නොවේ.
- ගල්කිස්ස සිට කොළඹ කොටුවට පැමිණ උදේ 5.45ට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල්දේවී සීඝ්‍රගාමී දුම්රිය අද සුපුරුදු නැවතුම් පොළවලට අමතරව අඹේපුස්ස, අත්තැල්ගොඩ, බුද්ගමුව සහ අලව්ව දුම්රිය ස්ථානවල නවත්වනු ලැබේ.
පුත්තලම මාර්ගය
- හලාවත සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනය නොවේ.
- පුත්තලමේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වන දුම්රිය මීගමුවේ සිට සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ඇත.
- අලුයම 3.40 සිට අලුත්ගම සිට කොළඹ කොටුවට පැමිණ 5.41ට හලාවත දක්වා ධාවනය වන දුම්රිය අද ධාවනය නොවේ.
- 6.50ට මීගමුව සිට කොළඹ කොටුවට ධාවනය වන දුම්රිය අද ධාවනය නොවේ.
මුහුදුබඩ මාර්ගය
- පෙ.ව 7.40ට පානදුර සිට මරදාන දක්වා ධාවනය නොවේ.
- පෙ.ව 7.45ට සහ පෙ.ව 8.10ට මොරටුව සිට මරදාන දක්වා ධාවනය වන දුම්රිය දෙකම ධාවනය නොවේ.
- පෙ.ව 7.25ට දකුණු කළුතර සිට මරදාන දක්වා ධාවනය නොවේ.
කැලණිවැලි මාර්ගය
- උදෑසන 7.10 පාදුක්ක සිට කොළඹ කොටුව දක්වා ධාවනය දුම්රිය ධාවනය නොවේ.
- උදෑසන 5.20ට පාදුක්ක සිට කොළඹ කොටුවට ධාවනය වන දුම්රිය අද ධාවනය නොවේ.
- උදෑසන 6.05 කොස්ගම සිට කොළඹ කොටුවට ධාවනය දුම්රිය ධාවනය නොවේ.