දුම්රිය රියදුරන් කිහිපදෙනෙකු විසින් (11) දින මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා දෛනිකව ධාවනය වන කිසිදු දුම්රියකට බාධාවක් නොවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන් පැවසිය.
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කරන උඩරට මැණිකේ , පොඩි මැණිකේ ඇතුළු අනෙකුත් මගි ප්‍රවාහන දුම්රියන් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියන් සමාන්‍ය පරිදි ධාවනය කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන් කියා සිටියේ.