ග්‍රාම සංවර්ධන සතියට සමගාමිව මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තුමේන්තුව විසින් කොටගල ප්‍රාදේශිය රෝහල සුද්ද පවිත්‍ර කිරිමේ වැඩසටහනක් (10) දින සිදු කෙරිණ.
ග්‍රාම සංවර්ධනය අවැසි මොහොතක අවැසි තැනට යන තේමව යටතේ මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තුමේන්තුව ග්‍රාම සංවර්ධන සමිති සමග එක්ව වැඩසටහනක් ගණනාවක් දියත් කර ඇති අතර , එම වැඩසටහන්වලට සමාගමිව කොටගල ග්‍රාම සංවර්ධන සමිතියේ සහය ඇතිව කොටගල ප්‍රාදේශිය රෝහල සුද්ද පවිත්‍ර කිරිමේ වැඩසටහන සිදු කෙරිණ.
මෙම සුද්ද පවිත්‍ර කිරිමේ වැඩසටහනේදි රෝහලේ අබලන් වි තිබු මෘත ශරිරාගරය අලුත්වැඩියා කිරිම , රෝගින් රැගෙන එන වාහන ගාල් කිරිම රථ වාහන අංගනයක් සකස් කිරිම , රෝහල් පරිශ්‍රය සුද්ද පවිත්‍ර කිරිම , රෝගින් අවශ්‍ය උණු ජලය ලබාගැනිම සදහා බොයිලේරු පරිත්‍යාග කිරිමක්ද මෙයට සමගාමිව සිදු කෙරිණ.
මෙම වැඩසටහනට කොටගල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරුන් , හෙදියන් , කොටගල ග්‍රාම සංවර්ධන සමිතියේ සමාජිකයන් සහ ප්‍රදේශවාසින් විශාල පිරිසක් සහභාගි විය.