අප ප්‍රමුඛතාවය දී හඬ නැඟිය යුත්තේ යුත්තේ 13න වන සංශෝධනයට විරුද්ධවද ? නැත්නම් මේ ව්‍යසනයට හේතුවූ වස විෂට විරුද්ධවද ?
2023 ජාතික විෂ නිවාරණ සතිය අදින්(11) ආරම්භ වෙයි.
මෙවර එහි තේමාව වන්නේ, “අනාරක්ෂිතව සිදුවන විෂ ශරීර ගතවීම් වළක්වා ගනිමු යන්නයි”
එම සතිය සංවිධානය කරන්නේ, කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය විසින් ය.
ශ්‍රී ලංකාවේ පසුගිය දශක දෙක තුල විෂ වීම් නිසා රෝහල් ගත වන රෝගීන් සංඛ්‍යාව වර්ධනය වන බවත් පෙන්නුම් කරයි.
නොදැනුවත්ව සිදුවන විෂ වීම් වළක්වා ගැනීම පිණිස ජනතාව දැනුවත් කිරීම සඳහා ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය මෙවර විෂ නිවාරණ සතිය සැප්තැම්බර් 11-17 දක්වා පැවැත්වීමට කටයතු යොදා ඇත.
හිතාමතා සිදු වන විෂවීම්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සංඛ්‍යාලේඛණ අංශය විසින් නිකුත් කළ දත්ත වලට අනුව විෂවීම් සඳහා වැඩි ප්‍රවණතාවයකින් භාවිතා වී ඇත්තේ ගෘහස්ථ විෂ ද්‍රව්‍ය වේ.
ඖෂධ විෂවීම් හා කෘමිනාශක විෂ වීම් දෙවැනි හා තුන්වැනි ස්ථාන ගනී.
කොළඹ ,ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ දත්ත වලට අනුව විෂ වීම් වලට අදාළව හිතාමතා සිදු වන විෂවීම් සංඛ්‍යාව 70% ක් වන අතර අනපේක්ෂිත විෂ විම් සංඛ්‍යාව 30%කි.
මේ අතරින් අනපේක්ෂිත විෂ වීම් බහුල වශයෙන් වාර්තා වී ඇත්තේ වයස අවු.1-3 අතර කුඩා ළමුන් අතරය. එය 46% කි.
වයස අවු.4-14 අතර 35%කි. වයස අවු. <1 ළමුන් අතර 4% කි. තවද මෙම විෂ විම්වලින් 99% ක්ම හදිසි විෂ වීම්ය.
නොසැලකිලිමත් කමින් නිවසේ ඇති ඖෂධ වර්ග, පළිබෝධනාශක, පොහොර, ගේදොර පිරිසිදුකාරක,භූමිතෙල්, මදුරු විකර්ශක, බොත්තම් බැටරි, සැනිටයිසර් ,අගෘහාශ්රිත විෂ සහිත ශාක වැනි ද්‍රව්‍ය වලින් විෂවීම් සිදුවිය හැක.
කුඩා ළමුන්ට ළඟාවිය හැකි ස්ථානවල තැබීමෙන් මෙම විෂවීම් සිදුවේ. නිවසේ ඇති මෙම ද්‍රව්‍ය කුඩා ළමුන්ට ළඟාවිය නොහැකි ස්ථානවල සුරක්ෂිතව තැබීමට පවුලේ සියලු සාමාජිකයන් වග බලාගත යුතුය.
ඖෂධ භාවිතය
ඖෂධ භාවිතය වඩා ප්‍රවේසමෙන් හා සැලකිලිමත්ව කළ යුතු දෙයකි. එහි අනිසි භාවිතය හෝ නොසැලකිලිමත් භාවිතය ජීවිතය අවදානමට ඇද දැමිය හැකි තත්ත්වයකි.
ඒ අනුව වඩා ආරක්ෂාකාරීව ඖෂධ භාවිතය පිණිස අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග රැසක් හඳුනාගත හැක. පහත දක්වා ඇත්තේ එවැනි ක්‍රමවේද වේ.
-
වෛද්‍ය උපදෙස් මත පමණක් ඖෂධ භාවිතා කරන්න.
-
ඖෂධ භාවිතා කිරීමට පෙර ලේබලය හොඳින් කියවන්න.
-
නියමිත මාත්‍රාව නියමිත වේලාවකට අරගන්න.
-
ඖෂධයක් සිරුරට ඇතුළු කළ යුතු ආකාරය පිළිබඳ ලබාදී ඇති උපදෙස් නිසි අයුරින් පිළිපදින්න.
-
ඖෂධ භාවිතා කිරීමට පෙර අඳුරේදී කිසිදු විටෙක ඖෂධ නොගන්න.
-
උපැස් යුවළක් භාවිතා කරන්නේ නම් ඖෂධ ගැනීමට පෙර එය පැළඳගන්න.
-
ඖෂධ කීපයක් එකම වේලාවකට ගැනීමට අවශ්‍ය විටෙක වරකට එක ඇසුරුමක් පමණක් විවර කරන්න.
-
දියර ඖෂධ භාවිතා කිරීම සඳහා දී ඇති මිනුම් උපකරණ සැමවිටම භාවිතා කරන්න.
-
ඖෂධ භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගබඩා කිරීමේදී හැකි සෑමවිටම ඖෂධ ඒවායේ නියමිත ඇසුරුම් තුළම තබන්න.
-
නිවසේ කීපදෙනෙකු ඖෂධ භාවිතා කරන්නේ නම් සෑම ඖෂධ දවටනයකම අදාළ රෝගියාගේ නම සටහන් කරන්න.
තවද ඒවා වෙන වෙනම ගබඩා කර තබන්න. දියර ඖෂධ භාවිතයෙන් පසු බෙහෙත් දියර ලේබලයේ තැවරී ඇත්නම් ඖෂධ ලේබලය බොඳවී යා හැකි නිසා හොඳින් පිස දමා තබන්න. ඖෂධ භාවිතා කිරීමේදී කුඩා දරුවන්ට පහසුවෙන් ගත නොහැකි වන සේ තබන්න. ඖෂධ ආහාර ද්‍රව්‍ය සමඟ එකට ගබඩා කර නොතබන්න.
පෙර අස්වනු කාලසීමාවේදී බව භෝගවලට එක්වන විෂ
වස විස නැති ආහාර පිළිබඳව අද සමස්ත ලෝකයේම අවධානය යොමු වී තිබේ.
එහිදී ප්‍රවාහනයට සූදානම් කෙරෙන අවස්ථාවේදීත් අස්වනුවලට කෘෂි රසායන එක් කිරීම අද බරපතලම ගැටලුවක් බවට පත් වී අවසානය.
ගොවීන් මෙවැන්නක් සිදු කරන්නේ ඇයි?
අස්වැන්නට ආකර්ෂණීය පෙනුමක් ලබාදීමේ අරමුණින්, වෙළඳපොලේදී තම අස්වැන්නට හොඳ වටිනාකමක් ලබා ගැනීමේ අරමුණින්, මෙන්ම අස්වැන්න නරක් වීමේ අවදානම අඩු කර ගැනීමේ අරමුණෙන් වෙළඳපලට යැවීමට සූදානම් කළ අවස්ථාවේදී පවා කෘෂි රසායන බෝගවලට යොදනු ලැබේ.
එවැනි තත්ත්වයකදී අප ආහාරයට ගන්නා බෝග වෙළඳපළෙන් අපට මිලදී ගැනීමට සිදුවන්නේ එම වස විසද සහිතවය.
අස්වැන්න නෙලිමට පෙර කෘෂි රසායන යෙදිය යුතු සම්මත කාලසීමාවක් ඇත. මෙය රසායනයෙන් රසායනයට වෙනස්ය. මෙහිදී සම්මත ක්රමයන්ට අනුකූලව රසායන යොදන්නේ නම්, නියමිත කාලසීමාවන් ඉක්මවූ පසු ස්වභාවිකවම එම විෂ තත්ත්වයන් ඉවත්ව යනු ඇත. නමුත් ගැටලුව වන්නේ මෙම සම්මතයන්ට ගොවීන් ගරු නොකිරීමයි.
නමුත් ඊට බලපාන හේතු රැසක් ඇත. අස්වැන්න පිළිබඳ ගොවියාට ඇති විවිධ අරමුණු ඊට හේතු වෙනවා සේම පාරිභෝගිකයා තුළ පවතින යම් ආකල්ප ද මීට බලපායි.
අප හැම කෙනෙකුගේම සිතේ ඇති කැමැත්ත නම් වෙළඳපලට ගොස් පිරිපුන් හා නැවුම්, වර්ණවත් පැහැයෙන් යුතු බෝග මිලදී ගැනීමයි. අපගේ මේ සිතුවිල්්ල ගොවියාට අවසාන මොහොතේදී පවා බෝගවලට කෘෂි රසායන යෙදීමට ප්‍රබල හේතුවක් බවට පත් වී ඇති බව නිසැකය. තවද පර්යේෂණ මඟින් හඳුනාගෙන ඇත්තේ 1989 වර්ෂයේ පටන් මෙවැනි තත්ත්වයක් තිබී ඇති බවය.
පමණ ඉක්මවා කෘෂි රසායන යෙදීම
හඳුන්වා දී ඇති නියමිත මාත්‍රාවන් ඉක්මවා පොහොර හෝ කෘමි නාශක යෙදීම ද අද පවතින බරපතල ගැටලුවකි.
මෑතදී කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ අල ගොවීන් නියමිත ප්‍රමාණය මෙන් දස ගුණයක් වගාව සඳහා පොහොර යොදන බවයි. එනම් ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් වැනි රසායනික පොහොර අධික ලෙසින් යෙදීමක් සිදු කරන බව හෙළි වී තිබේ.
බොහෝවිට මේ රසායන ආහාරදාමය හරහා අපගේ සිරුරට ඇතුළු වේ. කෘමි නාශක වැනි ද්‍රව්‍යයන් බොහෝවිට ලිපිඩවල දියවෙන සුළුය. ඒ නිසා සිරුරට ඇතුළු වූ පසු ඒවා බොහෝකල් සිරුර තුළ පැවතීමේ ඉඩකඩ වැඩි වේ.
එහිදී මේ බොහෝ රසායන මඟින් නිර්නාල ග්‍රන්ථිවල එනම් හෝර්මෝන හා සම්බන්ධ විවිධ ගැටලු ඇති කිරීමට සමත් වෙයි. මෙයින් දීර්ඝකාලීන බලපෑම් ඇති වේ. එය බෝ නොවන රෝග ඇතිවීමට ප්‍රධාන හේතුවක් වේ.
නමුත් මෙවැනි තත්ත්ව පිළිබඳව අප සැලකිලිමත් වීම අත්‍යවශ්‍යය. තවද ඒ තුළින් අපට එවැනි තත්ත්ව වළක්වා ගැනීමට ද හැකියාවක් පවතී.
මේ තත්ත්වයේදී පාරිභෝගිකයින් ලෙස සපයා ගත හැකි විසඳුම්
වෙළඳපොලෙන් මිලදී ගන්නා සියලු එළවළු පලතුරු හෝ භව බෝග පිරිසිදු ගලා යන ජලයෙන් සෝදා ගන්න.
පොත්ත ඉවත් කරන්න. කෘමි නාශක හෝ වෙනත් පොහොර ආහාරයේ පොත්තේ බහුලව රැඳී ඇති බැවින් ආහාරයට ගැනීමට පෙර පොත්ත ඉවත් කිරීම ඉතා සුදුසු පිළිවෙතකි. තවද එළවළු කුඩා කැබලිවලට කපා හොඳින් සෝදා ආහාරයට ගැනීම ද සුදුසු පිළියමකි. උදාහරණයක් ලෙස ගෙඩි ගෝවා කොළයෙන් කොළයට ගලවා සිහින්ව ලියා හොඳින් සෝදා ගැනීම ද වඩාත් සුදුසුය.
මෙම විසඳුම ආහාර නිෂ්පාදනය මහා පරිමාන නිෂ්පාදන ක්‍රියාවලියක් ලෙස සිදුවන සමාජයක වස විස නැති ආහාර පරිභෝජනයට යොමු විය හැකි ප්‍රායෝගික විසඳුම් කීපයකි.
අස්වැන්න නෙලීමට පෙර කාලය (Pre Harvest Intervel)
ඇස්වැන්න නෙලීමට පෙර කාලසීමාව යනු අවසන්වරට පළිබෝධක යෙදූ දිනයේ සිට අස්වැන්න නෙලාගත යුතු දිනය ලෙස පළිබෝධනාශක බෝතලයේ ලේබලයේ සඳහන් කාලසීමාවය. එනම් මෙයින් අදහස් වනුයේ වගා ක්ෂේත්රයේ පළිබෝධනාශක යෙදීමෙන් පසු බෝගයට යෙදූ පළිබෝධනාශක උපරිමරයෙන් අඩු වීමට අවශ්‍ය වේ යැයි අනුමත කර ඇති කාලයයි.
එම කාලය තීරණය වීමට හේතු ගණනාවක් බලපායි.
උදා. ශාකයේ වර්ධනය, පරිසර සාධක, (වර්ෂාව හා පාරජම්බුල කිරණ ආදී) බෝගය හා පස මත ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ආදිය වේ. මෙසේ පළිබෝධනාශක ඉසීමෙන් පසු නියමිත කාලසීමාවට පෙර අස්වැන්න නෙලීමෙන් බෝගවල අඩංගු පළිබෝධනාශක ප්‍රමාණය ඉහළ මට්ටමක පවතී.
ඒවා පරිභෝජනයට සුදුසු නැති තත්ත්වයේ පවතින බෝග වශයෙන් සලකයි. එනම් එම බෝග සෞඛ්‍යයට අහිතකර වේ.
මෙලෙස පාරිභෝගිකයාට සෞඛ්‍ය ගැටලුවලින් තොරව බෝග පරිභෝජනය කළ හැක්කේ මෙම බෝගවලට පළිබෝධ නාශක යෙදීමේදි ලේබලයේ සඳහන් උපදෙස් නිසිලෙස අනුගමනය කිරීමෙන් පමණි.
වගා ක්ෂේත්රයට ඇතුල්වීම තහනම් කාලසීමාව
පළිබෝධනාශක යෙදීමෙන් පසු ගොවීන්ට හෝ වෙනත් ඕනෑම පුද්ගලයකුට පළිබෝධ නාශක යෙදූ ප්‍රදේශයට ඇතුළු වීම තහනම්ව පවතින කාලසීමාව මෙයින් අදහස් වේ.
මෙම කාලසීමාව තුළදී පළිබෝධ නාශක සිරුරට අහිතකර නොවන ප්‍රමාණයකට බිඳ වැටේ. එබැවින් එම කාලසීමාවෙන් පසුව එම ප්‍රදේශයට ඇතුළු වන පුද්ගලයින්ට සෞඛ්‍ය ගැටලු අඩු කරගත හැක.
එම තහනම් කාලසීමාව පිළිබඳ තොරතුරු පිළිබෝධ නාශක ලේබලයේ සඳහන් කොට ඇත.
ඇස්වල විෂ තැවරුණොත්….
විෂ තැවරුණු ඇස් විනාඩි 15 -20ක් පමණ පිරිසිදු ගලන ජලයෙන් හොඳින් සෝදා හරින්න.
(නමුත් ජලය සහිත භාජනයක් තුළට ඇස් ගිල්වා සේදීම නොකළ යුතුයි.)
තවද ඇසට ජලය වත් කිරීමේදී රෝගියාට නිතර ඇසිපිය ගැසීමට උපදෙස් දෙන්න. කිසිදු බෙහෙත් වර්ගයක් හෝ තෙල් වර්ගයක් වෛද්‍ය උපදෙස්වලින් තොරව ඇසට නොදමන්න. ඇසේ රතු වීමක් හෝ ඉදිමුමක් ඇත්නම් වහාම අක්ෂි වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න.
ඇස්බැස්ටස්
ඇස්බැස්ටස් යනු සිලිකේට් අඩංගු ඛනිජ ලවණයකි. එය විවිධ වර්ණයෙන් යුක්තය. එනම් නිල්, දුඹුරු හෝ සුදු පැහැ වර්ණවලින් යුක්තය.
1950 වසරේ පටන් මෙය ගොඩනැගිලි ද්‍රව්‍යයක් වශයෙන් ජනපි‍්‍රයත්වයට පත්විය. තවද සිවිලිම් සඳහා, වාහනවල තිරිංග පද්ධති අලුත්වැඩියා කිරීම සඳහා, පයිප්ප ආවරණ සඳහා, නැව් අලුත්වැඩියා කිරීම් ආදී කටයුතු සඳහා ද ඇස්බැස්ටෝස් භාවිතයට ගන්නා ලදී. තවද අද වනවිට ඇස්බැස්ටස් යොදා ගනිමින් ගොඩනැගිලි ආශි‍්‍රතව සිදු කරන කටයුතු රාශියක් පවතී.
තවද මේවා ගින්නට ඔරොත්තු දෙන ද්‍රව්‍යයක් ලෙසට ද භාවිතා වුණි. ඇස්බැස්ටස් මෙසේ අතිශයින් ජනපි්රයත්වක් ලැබුවද කාලයක් යනතෙක් එහි සැඟවී ඇති අවදානම පිළිබඳ කිසිවකු දැන සිටියේ නැත. නමුත් එක්සත් රාජධානියේ ඇස්බැස්ටස් ආශි‍්‍රත රෝගවලින් වසරක් පාසා දහස් ගණන් මිනිසුන් මිය යෑමත් සමඟ එරට ඇස්බැස්ටස් තහනම් කරන ලදී.
ඇස්බැස්ටස් භාවිතා කරන අවස්ථා
-
සාමාන්‍යයෙන් වහල සෙවිලි කිරීම සඳහා භාවිතා කරන අතර, වතුර ටැංකි හා වැසිකිලි ටැංකි ආවරණය කිරීමට ද යොදා ගනියි.
-
බිත්ති සහ පොළොවේ ඇති සිදුරු ආවරණය කිරීම සඳහා ඇස්බැස්ටස් භාවිතා කරයි.
-
වහලයට යටින් ඇති ක්රොන්ක්රීටයේ දළඹය සඳහා ඇස්බැස්ටස් යොදා ගනියි.
-
වැසිකිළි ටැංකි (Toilet cistern) සෑදීමට ඇස්බැස්ටස් යොදා ගනියි.
-
බාහිර බිත්තිවල හා ජනේලය අවට ප්‍රදේශවල අමතර බදාම තට්ටුවක් ලෙසින් ඇස්බැස්ටස් යොදා ගනියි.
-
විදුලි විලායක (Fuse box) සාදා ඇති පැනලයේ ඇතුළත ආරක්ෂිත ආවරණයක් ලෙස ඇස්බැස්ටස් යොදා ගනියි.
ඇස්බැස්ටස්වල විෂ ද්‍රව්‍ය ශරීරගත වීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු
අවකාශයට මුදා හරින ලද ඇස්බැස්ටස් කුඩු හා දූවිලි අංශු ආඝ්රණය කිරීමෙන් සෞඛ්‍යයට මෙන්ම පරිසරයට ද හානි සිදුවේ. ඇස්බැස්ටස් භාවිතයෙන් මාරාන්තික රෝග හතරක් හඳුනාගත හැකිය.
Mesothelioma
මෙය පෙනහලු පිළිකා වර්ගයකි. සුවකළ නොහැකිය.
Asbestos – related lung cancer
ඇස්බැස්ටස් ආශි‍්‍රතව ඇතිවන අනෙකුත් පෙනහලු පිළිකා වර්ග
Asbestos
පෙනහලු හැකිලීමෙන් ශ්වසනය කිරීමට අපහසු වීම
Pleural thickning
පෙනහලුවල ප්ලූරා පටකය ඝනවීම හා ආශි‍්‍රත රෝගී තත්ත්වයන්
මීට අමතරව,
පපුවේ වේදනාව, රුධිරයේ ඔක්සිජන් අඩු වීම,කැස්ස, ඇදුම, බර වැඩි වීම,කිවිසුම් යෑම, ඇඟපත වේදනාව වැනි රෝගී තත්ත්වයන් ද ඇතිවිය හැකිය.
ඇස්බැස්ටස් විෂ වීම් අවම කරගත හැකි ක්‍රම
ඇස්බැස්ටස් භාවිතා කරන සෑම අවස්ථාවකදීම ආරක්ෂිත උපකරණ පැළඳ ගැනීම. අබලන් වූ ඇස්බැස්ටස් අඩංගු ද්‍රව්‍ය හමු වූ විට ඔබ විසින් ඒවා ඉවත් කිරීමට හෝ අලුත්වැඩියා කිරීමට නොයන්න. එහිදී,
-
වෘත්තිය උපදෙස් පිළිපදින්න. ඇස්බැස්ටස් කුඩු/අංශ හමු වූ විට ඒවා ඉවත් කිරීමට ගෘහස්ථ වැකුම් යන්ත්‍ර පාවිච්චි නොකරන්න
-
ගෙදර ඇති කසළ බඳුනට ඇස්බැස්ටස් අඩංගු අපද්‍රව්‍ය නොදමන්න
-
ඇස්බැස්ටස් අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේදී ඒ සඳහා සුදුසු භාජන භාවිතා කිරීමෙන් පරිසරයට නිකුත් කරන ප්‍රමාණය වළක්වා ගත හැකිය.
-
ඔබගේ නිවසේ ඇස්බැස්ටස් හඳුනා ගැනීම හා ඒවා පරිහරණය කිරීම පිළිබඳ වැදගත් උපදෙස් ලබා ගැනීමට ඒ හා සම්බන්ධ කරගත හැකි පුද්ගලයන්ගේ උපදෙස් හා මඟපෙන්වීම් ලබාගන්න.
වස විෂෙන් තොර දෙරණක් බිහිකරමු
අපේ ගෙදර බල්ලෙක් ඇත. ඌට මගේ බිරිඳ බීමට දෙන්නේ නිවා ගත් උණු වතුරය. ඌ ඒවා ටිකක් බී මිදුලේ මඩ වලකින් බඩ පුරා වතුර බොයි. මා කුමක් හෝ දෙයක් ඌට කෑමට දුනහොත් “ඕකට බඩේ අමාරුවක් හැදෙයි දෙන්න එපා” කියා බිරිඳ කියයි. මා එය නැවැත්වූ විට ඌ මිදුලට ගොස් ගලක් ගිලියි .
අපේ බල්ලා සහ අපේ රටේ මිනිස්සු (මා ඇතුළු ) එක සමානය .
මේ වන විට ලෝකයේ වස විස සහිත ආහාර ගන්නා රටවල් අතරින් ශ්‍රී ලංකාව පළමු වැනි ස්ථානයට පත්ව ඇත.
නමුත් අපි ඒවා කන්නේ සබන් යොදා අත් සෝදාගෙනය.
කුඹුරේ වල් මැරීමට පස් බුරුල් වීමට කෘම්න් නැසීමට වස ගසයි. හාල් වලට ගුල්ලන් ගැසීම වැලක්වීමටත් වස ගසයි .
එළවලු වලට කෘමිනාශක ගසා පසු දිනයේම කඩා වෙළඳපොළට එයි .ඒවා විශාල කිරිමටත් කල් තබා ගැනීමටත් වස ගසයි.
පලතුරු වලට සියළු වස ගසා විශාල කර පලදාව නෙලා ගත් පසු ඉදවිමටත් වස ගසයි .
මස් පිණිස ඇති කරණ සියළු සතුන් වස ගසා ජාන විකෘති කර ඇත.මාළුන් පමණක් බේරී ඇත්තේ උන් මුහුදේ ඉන්න නිසා වුවත් උන්ද අල්ලා කල් තබා ගැනීමට වස ගසයි .
මුදවපු කිරි දින දෙකකින් ඇඹුල් රසය. නමුත් වස ගසා මුදවූ කිරි වල කල් ඉකුත් වන දිනය එන්නේ සති දෙකකිනි .
මෑතක් වන තුරු වසවිස නැතුව කොස් කෑමට හැකිව තිබුනත් මේ වනවිට කොස් කල් තබා ගැනීමට වැසිකිලි සේදීමට ගන්නා දියර ගසති .
පළා වර්ග වල සම්මත ප්‍රමාණයට වඩා 700%කින් වස තැන්පත්වී ඇත .
කුළුබඩු බොහෝ ඒවායේ ඇත්තේ රොඩු සහ විස ඩයි වර්ගය .
බයිට් වර්ග බැදීමට පෙර තෙල් තාච්චියට ප්ලාස්ටික් දමන්නේද ඒවා කල් තබා ගැනීමටය .
ලෝකයේ හොඳම තේ ඇත්තේ ශ්‍රී ලංකාවේ වුවත් අපි බොන්නේ කසල තේය .එසේත් නැතිනම් විස ඩයි වර්ග කලවම් කළ තේය .
පිටි කිරි කියා බොන්නේ ස්වභාවික කිරි වල ඇති පෝෂණ කොටස් අයින් කරන ලද කටු පොල් තෙල් හා රසකාරක යොදා නිපදවන වස ගොඩකි .
ආප්ප වාටිය ශක්තිමත් කිරීමට ප්ලාස්ටර් ඔෆ් පැරිස් දමති .
කෝලා බිම වර්ග ඇතුළු සියළු පැණි බීම වස ආකරය .
සෝයා මීට් යනු පුන්නක්කු හා රසකාරක යොදා සකසන වස ගුලියකි .ඒවා දැල්ලෝ, ඉස්සෝ සහ පොලොස් වැනි නානාප්‍රකාර රසයෙන් ඇත්තේ ඒ රස ගැනීමට වස කලවම් කර ඇති නිසාය. .
සුප් කැටය යනු වස කුට්ටියකි.
සොසේජස් යනු පුන්නක්කු සහ සතුන්ගේ ඉවතලන කොටස් එකට අඹරා එහි නැවුම් රුධිරය ඇති බව පෙන්වීමට වස ගසා රතු පාට ගන්නා වස ගුලියකි .
අජිනොමොටෝ නමැති වස නොදමන ෆ්‍රයිඩ් රයිස් කඩයක් ලංකාවේම නැත .
මිට අමතරව කෘතිමව නිෂ්පාදනය කරන නුඩ්ල්ස් බිස්කට් වර්ග ඇතුළු සියලුම දේට වස මිශ්‍ර කරයි . එහි නියමිත මාත්‍රාවක් ඇතත් එයද වසය.
පොල් තෙල් නිෂ්පාදනයේදී ශරීරයට අහිතකර ලාභදායි තෙල් වර්ග එයට කලවම් කරයි .
මේවායේ ප්‍රතිඵල මේ වනවිට අප අත් කරගෙන ඇත. එනම් මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට දහස ඉක්මවා ඇත. දැනට වසර දහයකට පමණ පෙර එය ඉතා සුළු ප්රමාණයකි . දැන් දහස තව වසර පහකින් පන්දහස විය හැක. තව වසර දහයකින් රටම පිළිකා වාට්ටුවක් විය හැක. දැනටත් මෙය කියවන ඔබ දන්නා එක අයෙක් හෝ පිළිකා රෝගයෙන් පෙලෙන අයකු සිටිය හැක. අතීතයේ පිළිකා රෝගය යනු දුර්ලභ රෝගයකි.
අපේ රටේ සවුඛ්ය අංශයේ වැඩිම වියදමක් දරනු ලබන්නේ පිළිකා රෝගීන්ගේ ඖශධ වලට වන අතර 100% ආනයනික ඖශධය.
.
අපේ රටේ නීතියට අනුව මේවා ගැන සොයා බලන්නේ කවුද ?
-
පාරිභෝගික කටයුතු අධිකාරියද ?
-
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයද ?
-
මහජන උපයෝගිතා කොමිසමද ?
-
මහජන සවුඛ්ය පරික්ක්ෂක වරුද ?
-
සම්මතවී ඇති පනත් හරහා වූ නීතියද ?
මා නම් නොදනී .ඔබ දන්නවද ?
අපේ රටේ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට සම්මත වූ අණ පනත් සහ ආයතන ඕන තරම් තිබුනත් ඒවාට වගකිවයුතු කිසිදු අයකු නැත. මෙතරම් වූ අනතුරක් ඇතත් ඒ ගැන කතා කරන සංවිධානයක් දේශපාලකයෙක් පෙනෙන්නට නැත.
අප ප්‍රමුඛතාවය දී හඬ නැඟිය යුත්තේ යුත්තේ 13න වන සංශෝධනයට විරුද්ධවද ? නැත්නම් මේ ව්‍යසනයට හේතුවූ වස විසට විරුද්ධවද ?
කිසිවකුත් මේ ගැන කතා නොකරනවානම් ජනතාව වන අප කුමක් කල යුතුද ?