මෙරට වේලාවෙන් අද (11) අලුයම 1.29ට පමණ 4.65MLvක අගයකින් යුතු භූ කම්පනයක් සිදුවී තිබේ. එය මඩකලපුව ප්‍රදේශයට බලපා ඇති බවයි වාර්තා වන්නේ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් ජනක අජිත් ප්‍රේම මහතා සඳහන් කළේ, මඩකළපුවේ සිට කිලෝමීටර 310 ක් ඈතින් පිහිටි මුහුදේ භූ කම්පනය සිදුව ඇති බවයි.
ඉන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් හෝ සුනාමි අවදානමක් නැතැයි ජනක අජිත් ප්‍රේම මහතා තහවුරු කළේ ය.