පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කල ජංගම සේවයක් වටවල රොසැල්ල හයීඩ්රී ජනපද ප්‍රාථමික විදුහලදී (09) දින පැවැත්විණ.
“ග්‍රාම සංවර්ධන සතිය” සැමරීම වෙනුවෙන් පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට ඉතාමත් දුරින් පිහිටි හයිඩ්‍රි ජනපදයේ පදිංචි වතු කම්කරුවන්ගේ උප්පැන්න, මරණ, විවාහ ලියාපදිංචි කිරීමේ සහතික වල ගැටළු, ඉඩම් ගැටලු , හැඳුනුම්පත් හා වැඩිහිටි හැඳුනුම්පත් නොමැති පුද්ගලයන්ට හැඳුනුම්පත් ලබා දීම නීත්‍යානුකූලව විවාහ නොවූ පුද්ගලයන් විවාහ සහතික ලබාදීම ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් සිදු කරනු ලබන සියලූම කටයුතු එක්දින සේවයක් වශයෙන් මෙම ජංගම සේවය සිදු කෙරිණ.
විදේශ රැකියා සඳහා ලියාපදිංචි වීම් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිදු වන වෙනත් සේවාවන් රැසක් මෙහිදි සිදු කරගැනිමට හැකියාව සැලසින.
ප්‍රාදේශීය ලේකම් සමීර නුවන් රත්නායක මහතාගේ අධීක්ෂණයෙන් ග්‍රාම සංවර්ධන නිලධාරි මිහිර වීරක්කොඩි මහතාගේ සංවිධානයෙන් නව ශක්ති සහ ගිල්ස්ටන් ජන ග්‍රාම සංවර්ධන සමිති වල අනුග්‍රහ තත්ත්වයෙන් මෙම ජංගම සේවය පැවැත්විණ.
රංජි