Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉහළ වායුගෝලය තද වැසි සඳහා යහපත් වෙයි – ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියට බලපෑම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාවට ඉහළ වායුගෝලය තද වැසි තත්ත්වයක් සඳහා යහපත් මට්ටමක පවතින බැවින් පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් ළඟදීම බලාපොරොත්තු විය නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රීතිකා ජයකොඩි පැවසුවේ ලබන සතියේද පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි.

දිවයිනේ දිස්ත්‍රික් 10කට තද වැසි ඇතිවීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්වලත් මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැක.

නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ මෙලෙස දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කාලගුණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45)ක පමණ තරමක තද සුළං ඇති විය හැක.

පවතින අධික වැසි සහ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉදිරි තරඟ සැලසුම් පිළිබඳ ඉකුත් දින කිහිපයේ දැඩි කතාබහක් මතුවුණා. කොළඹට ඇදහැලෙන වැසි හේතුවෙන් ඉතිරි තරඟ හම්බන්තොට පැවැත්වීමටද යෝජනාවූ නමුත් ඊයේ වන විට තීරණය කර තිබුණේ සියලු තරඟ කොළඹදීම පැවැත්වීමටයි.

මේ අතර ලී චණ්ඩ මාරුතය ඇමෙරිකාවට දරුණු බලපෑම් එල්ල කරනු ඇති බව එරට ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය අනතුරු අඟවයි.

මේ වනවිට අත්ලාන්තික් සාගරයේ වර්ධනය වෙමින් පවතින ලී චණ්ඩ මාරුතය හතරවන මට්ටමේ චණ්ඩ මාරුතයක් ලෙස වර්ධනය වෙමින් පැයට කිලෝමීටර් 233 ක වේගයෙන් හමා යනු ඇති බවට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය ෆ්ලෝරීඩා ප්‍රාන්තය හරහා ඇමෙරිකාවට ඇතුළු වන බවටයි නිවේදනය කර ඇති අතර මීට පෙර අත්ලාන්තික් සාගරයේ වර්ධනය වූ ඉඩාලියා සුළි කුණාටුවෙන්ද දැඩි බලපෑම් එල්ල විය.

 

weather at colombo today tomorrow weather weather is today weather at colombo satellite weather sri lanka

Scroll to Top