Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලංකාවේ කෝපි, ලෝකයේ හොඳම කෝපි අතරට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලෝකයේ වැඩිපුර ම හුවමාරු වන වෙළඳ ද්‍රව්‍ය අතරින් ප්‍රමුඛස්ථානය ගන්නේ ඛනිජ තෙල් වේ.එහි දෙවැනියට පවතින්නේ කෝපි බව ඔබ දන්නවාද?

පානයක් ලෙස ජලයට පමණක් ම දෙවැනි වන මෙම කෝපි පානය ලොව ජනප්‍රිය ම පානයක් වශයෙන් හඳුනාගෙන ඇත.

ලෝකවාසීන් දිනකට කෝපි කෝප්ප මිලියන එක්දහස් හාරසියයක් පමණ පානය කරනු ලබන අතර කෝපි පානයේ ආරම්භය සිදුවන්නේ ඉතියෝපියාව තුළ ය.

ශ්‍රී ලංකාවේ කෝපි, ලෝකයේ හොඳම කෝපි අතර ප්‍රමුඛත්වය ගන්නා බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කහලේඩ් අල් අමීරි පවසයි.

මෙරට කෝපි වගාව පුළුල් කිරීම සඳහාත්, අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් මෙරට කෝපි ජාත්‍යන්තර වෙළෙඳපොලට හඳුන්වා දීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි බවත් ඔහු පැවසු බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමඟ පැවති සාකච්ඡාවකදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපතිවරයා මෙම අදහස් පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ කෝපි, ලෝකයේ හොඳම කෝපි විශේෂ අතර තැබිය හැකි බවත්, ශ්‍රී ලංකාවේ කෝපි අරාබි රටවල ඉතාමත් ජනප්‍රිය බවත් තානාපතිවරයා එහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත පවසා තිබේ.

අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් මෙරට කෝපි විදේශ වෙළෙදපොලට හඳුන්වා දෙන්නේ නම් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි බවයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කහලේඩ් අල් අමීරි එහිදී පවසා ඇත්තේ.

කෝපි ගස සාමාන්‍යයෙන් අඩි තිහක් (මීටර් නවයක්) පමණ උසට වර්ධනය වන ශාකයකි.කෝපි ගසේ එකවර මල්,අමුගෙඩි මෙන් ම ඉඳුණු ගෙඩි ද දැකගත හැකි වේ.ප්‍රථම වරට මල් පිපීමෙන් පසුව ගෙඩි පරිණත වීම සඳහා වසරක පමණ කාලයක් ගත වන අතර සම්පූර්ණ ඵල දැරීම කරා ළඟාවීමට වසර පහක පමණ කල් ගත වේ.

කෝපි ශාකයක් සාමාන්‍යයෙන් වසර සියයක් පමණ කාලයක් පවතින නමුත් එහි නිෂ්පාදන කාර්යය නොහොත් ඵල දැරීම වඩාත් හොඳින් සිදුවන්නෙ ශාකයේ වයස අවුරුදු හතත් විස්සත් අතර කාල පරිච්ඡේදයේදී ය.කෝපි ශාකයේ ශක්තිය ආරක්ෂා කරගැනෘම සඳහාත් අස්වනු නෙළීමේ පහසුව උදෙසාත් ශාක කප්පාදු කිරීම සිදු කරයි.

නිසි අයුරින් නඩත්තු කිරීම මඟින් කෝපි නිෂ්පාදනය නිසි ලෙස පවත්වා ගැනීම සහ නිෂ්පාදන ප්‍රමාණය ඉහළ නැංවීම සිදු කළ හැක.සාමාන්‍ය කෝපි ගසකින් වසරකට කෝපි ගෙඩි රාත්තල් දහයක් හෝ කොළ පැහැ ගෙඩි රාත්තල් දෙකක් පමණ ලබාගත හැකි වේ.

කෝපි මල පෙති පහක් හෝ හයක් සහිත සමන්පිච්ච සහ ගාඩිනියා යන මල්වල සුගන්ධයෙන් සම්මිශ්‍ර සුගන්ධයකින් යුතු පිච්ච කුලයට අයත් වූවකි.

කෝපි ශාකයේ විද්‍යාත්මක නාමය වන්නේ Coffea වේ.

පළමුව ලංකාවට කෝපි හදුන්වාදෙනු ලැබුවේ 17 වන සියවසේ මුල් භාගයේ දී යේමනය හා ඉන්දියාව හරහා පැමිණි මුස්ලිම් වන්දනාකරුවන් විසිනි. ඔවුන් පළමුව හදුන්වා දුන්නේ “ඇරබිකා කෝපි” නම් වූ ප්‍රභේදයයි.Arabica coffee

18 වන සියවසේ ඕලන්ද සිටම ජාතිකයන් කෝපි වගාව අත්හදා සිටි නමුත්, බ්‍රිතාන්‍යන් මහා පරිමාණ වාණිජ නිෂ්පාදන ආරම්භ වන තුරු එය සාර්ථක වූයේ නැත. කෝපි ක්‍රමානුකූල වගාකිරිම සදහා පළමු උත්සාහය 1740 දී ලන්දේසීන් විසින් සිදු කරන ලදී. එය ආණ්ඩුකාර (Baron van Imhoff ) බාරොන් වෑන් ඉම්හොෆ් සහ ඔහුගේ අනුප්‍රාප්තිකයන් විසින් ආරම්භ කරන ලද බවත් කෙසේ වෙතත්, එය අඩු නිෂ්පාදන මට්ටම් සමග සාපේක්ෂව එය සාර්ථක වූයේ නැත.

ඊට ප්‍රධාන හේතුව වුයේ ඔවුන් ජාවාහී තම කෝපි වතු වගාවන්ට ඉදිරිපත් එරෙහිව තරගයක් පවත්වා ගැනිමට පැවති අකමැත්තයි. ඒහි ප්‍රතිපලයක් ලෙස ලෙස කෝපි නිෂ්පාදනය ලන්දේසි පෙරදිග ඉන්දියානු සමාගම විසින් සීමා කරන ලදී. 1762 වන විට, වාර්ෂික කෝපි නිෂ්පාදනය පවුම් 100,000 පමණක් විය.

නමුත් 1796 දී දිවයිනට පැමිණි හා 1815 දී පාලනය ගෙනගිය බ්‍රිතාන්‍යන් කෝපි නිෂ්පාදනය අදාල අත්හදා බැලීම් දිර්ඝව සිදුකරන ලදි. බ්‍රිතාන්‍යයන් මුලදි මෙම ව්‍යාපාර ප්රධාන වශයෙන් ගාල්ල අවට මුහුදු ප්රදේශවල කෝපි වගාවට යොදාගැනිම නිසා පලමුව මෙම ප්‍රයත්නය අසාර්ථක විය.

කෝපි වගාව මුල් කාලීනව අසාර්ථක විම සදහා මුල් කාලයේ ප්‍රධාන වශයෙන් බලපෑවේ වගාව සදහා යෝග්‍ය නොවන පහත්බිම් වගාව සදහා යෝග්‍ය ප්‍රදේශ ලෙස වටහා ගෙන පැවතිමත්, වගා කුසලතා හා ඊට අවශය වන්නාවු යටිතල පහසුකම් ප්‍රමාණවත් ලෙසින් නොපැවතිමයි. වාණිජ පරිමාණයෙන් ප්‍රථම වරට කෝපි වගාව සාර්ථකව ආරම්භ කිරීම කරන ලද්දේ හිටපු බ්‍රිතාන්‍ය යුද්ධ හමුදා නිලධාරියෙක් වූ ජෝර්ජ් බර්ඩ් (George Bird) විය විසිනි. ඒ 1824 දී ගම්පොල සිංහපිටිය ප්‍රදේශයේය. එය වසර කිහිපයකට පසු රටේ වෙනත් බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත විය.

2014 දී ශ්‍රී ලංකාව ලෝකයේ විශාලතම කෝපි නිෂ්පාදකයින් අතර 43 වන ස්ථානය ශ්‍රී ලංකාව තුල 1830 ගණන් වල වතු වගාවක් වශයෙන් කෝපි වගාව අපනයන හා අපනයන කටයුතු තුල ප්‍රබල බලපෑමක් එල්ලකල අතර, විශේෂයෙන් මේ කාල වකවානුවේ බටහිර ඉන්දීය ප්‍රදේශ වල වහල්බාවය අවසානවිමත් සමග එහි පුළුල් කෝපි නිෂ්පාදනය අවසන් විය.

මේ කාලය තුල ශ්‍රී ලංකාවේ කොපි වගාව තව දුරටත් පුළුල් කිරීමට බ්‍රිතාන්‍ය රජය විසින් ව්‍යාපාරිකයටන් සදහා රජයේ ඉඩම් විකිනු අතර, එම වතුවල කටයුතු කිරිම සදහා ශ්‍රමිකයන් ලෙස උඩරට දෙමළ හා දකුණු ඉන්දීය දමිල ජාතිකයන් බදවාගනු ලැබීය.

1830-1850 කාලය තුළ කෝපි නිෂ්පාදනය ශ්රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහායට ප්‍රබල සහයක් දැක්වූ අතර පසුකාලිනව ධනේශ්වර මධයම පන්තියේ ඉස්මතු විම සදහාද මෙය බලපාන ලදි.

ලංකාවේ කෝපි අතරින් ඇරබිකා වර්ගය සහ දෙමුහුන් වර්ගය උක්ත දක්වන ලද මලකඩ රෝගයට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් වීම නිසා ඇරබිනා කෝපි මහනුවර,මාතලේ,නුවරඑළිය,බදුල්ල යන ප්‍රදේශවලත් රොබස්ටා වර්ගය කෑගල්ල,කුරුණෑගල,මහනුවර,මාතලේ යන ප්‍රදේශවලත් වගා කරනු ලැබේ.

ඒ අනුව වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර හයදහස් පන්සිය අසූවක කෝපි වගාව ව්‍යාප්ත වී තිබේ.කෝපි වගාව සඳහා ගුණාත්මක පස,සෞම්‍ය දේශගුණය,නිරන්තර ලැබෙන වර්ෂාව සහ සෙවණ සහිත පරිසරය වැදගත් වේ.

කෝපි ප්‍රධාන වශයෙන් පානය කරන ආකාරය අනුව වර්ග දෙකක් වේ.

සාමාන්‍ය කෝපි

ක්ෂණික කෝපි

සාමාන්‍ය කෝපි යනු කෝපි ඇට වේලා,බැද,කුඩු කර සකස් කරගන්නා කෝපි පානය වේ.ක්ෂණික කෝපි යනු කෝපි ඇට වේලා,බැද,කුඩුකර ලබාගෙන එය දිය කර නැවත අධික තාපයක් යටතේ හෝ සීතලක් යටතේ පවුඩර් එකක් බවට පත් කිරීමෙන් පසුව සකස් කරගන්න කෝපි පානයන් ය.මෙම කෝපි දෙවර්ගය අතරින් සාමාන්‍ය කෝපිවල කැෆේන් ප්‍රමාණය වැඩි වේ.

ලෝකයේ විවිධ රසයෙන් යුතු කෝපි රසවිඳිය හැක.ඒ අතර Black, Espresso, Latte, Cappuccino, Americano, Mocha ලොව පුරා ප්‍රසිද්ධියට පත් කෝපි වර්ග වේ.

මීට අමතර ව Dappio, Cortado, Red eye, Lungo, Irish, Macchiato යනාදි වශයෙන් ද විවිධ රටවල්වල කෝපි පානයන් හඳුනාගත හැකිය.

කෝපිවල පවතින කැෆේන් හේතුවෙන් මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන අතර අධිරුධිර පීඩනය අවම කරයි.මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමටත් පාකින්සන්,පිළිකා,හෘදයාබාධ,දියවැඩියාව වැනි රෝග අවදානම අඩු කිරීමටත් විෂාදය වැනි රෝග තත්ත්වයන් පාලනය කිරීමටත් කෝපි උපකාරී වේ.නැවුම් කෝපි පානය කිරීම තුළින් අක්මාව පිරිසිදු කරන අතර ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට දායක වේ.

කෝපිවල අඩංගු කැෆේන් නිසා කෙටි කාලයක් තුළ අධි පරිභෝජනය නුසුදුසු වේ.

කෝපි අතුරු බෝගයක් ලෙස වගා කල හැක. එසේ නැතිව තනි තනිව වගා කරන්නේ නම් 3*3m වනසේ පඳුරු සහිත කෝපි පැල 1100ක් හෙක්ටයාරයක වගා කල හැක. කොම්පෝස්ට් පොහොර හෝ ගව පොහොර එක්කර රොක් පොස්පේට් 100g ක් එක් වලකට මිශ්‍ර කර වැසි ලැබීම ආරම්භයත් සමඟ පැල සිටුවීම ආරම්භ කල හැක.

සාමාන්‍යයෙන් කෝපි බෝගයේ ඵල හටගැනීම, සිටුවා අවු.2කින් පමණ ආරම්භ වේ. හොඳ පාලන තත්ත්වයක් යටතේ සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකින් 1000-1500kg අතර වේ. නිෂ්පාදිත කෝපි වල ගුණාත්මය අපනයන වෙළදපොල තීරණය කරයි. මේ නිසා පරිණත හොඳ ගෙඩි පමණක් නෙළා ගැනීමෙන් කෝපි වල ගුණාත්මය වැඩි වේ.

කෝපි අස්වනු නෙලීම චාරිත්‍රානුකූලව කල යුතුය. මේ නිසා හොදින් ඉදුනු ගෙඩි පමණක් වේළා ගැනීම කල යුතුය. බාගෙට ඉදුනු හා අමු ගෙඩි නෙලා ගත හොත් ඒවා වෙනම සැකසීම කල යුතුය. ඉදුනු කෝපි ගෙඩි පොතු හැර පියල්ලේ ඇති නානු සහිත පොත්තද ඉවත් කර හොදින් වියළා ගත් කෝපි ඇට බැඳ කුඩුකර ගැනීමෙන් පසු හොදින් උතුරුවා ගත් ජලය සමඟ මිශ්‍ර කර විවිධ රසකාරක සමඟ හෝ තනිව පානයට ඉතාම සුදුසුයි.

කෝපි ඇට හොඳින් වියළා දිගු කලක් ගබඩා කර තැබිය හැක. ඒවාගේම විශිෂ්ඨ ගනයේ අපනයන බෝගයකි.

කෝපි යනු ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම පාන අතරින් ප්‍රමුඛයා ලෙස හැඳින්වේ.

එය පානයකට එහා ගිය සංස්කෘතියකි.

එතරම්ම ඔස්ට්‍රේලියානුවාසීන් කෝපි වලට ඇබ්බැහිවී ඇත.

නමුත් දිනපතා වැඩි වශයෙන් කෝපි පානය ඔබේ සෞඛ්‍යට එල්ල කරන්නේ කුමන බලපෑමක්ද? කෝපි පානයේ ඇති වාසි සහ අවාසි මොනවාද?

කෝපි වල දහසකට අධික ප්‍රමාණයකින් රසායනික සංගටක (compounds) තිබෙන බව සඳහන්.

එම සංගටක වලින් බහුතරයක් ඒවා මිනිස් සිරුරට කෝපි පනය කිරීමෙන් අවශෝෂණය වේ.

එම සංගටක අතරින් විටමින් B12, විටමින් B2, විටමින් B3, මැග්නීසියම්, පොටෑසියම්, ඇන්ටි ඔක්සිඩන්ට් ප්‍රතිකාරක, ස්වභාවික තෙල් විශේෂත්වයක් ගන්නා බව වෛද්‍ය චන්න වීරසේකර මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

නමුත් එම සංගටක ඔබ පානය කරන කෝපි වර්ගය සහ කෝපි සාදන ආකාරය අනුව වෙනස් වේ.

එමෙන්ම එම සංගටක ඔබේ සිරුරට අවශෝෂණය වීම එක් එක් පුද්ගලයා ගේ සිරුරේ ඇති ජාන මතත්, ඔවුන්ගේ ආමාශයේ හා අන්ත්‍රයේ සිටින බැක්ටීරියා මතත් වෙනස් වන බව වෛද්‍ය වීරසේකර මහතා පැවසීය.

මෙලෙස එක් එක් මට්ටම් වලින් කෝපි වල ඇති සංගටක එක් එක් පුද්ගලයාට අවශෝෂණය වීම නිසා ඔවුන්ට කෝපි පානය කිරීමෙන් දැනෙන හැගීම් විවිධ වීමට හේතුවේ.

ගර්භනී සමයේ පටන් වැඩිපුර කෝපි පානය කළහොත් අඩු බර දරු උපත් සිදුවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත.

 

coffee nearest to me The history of coffee cultivation in Sri Lanka near me coffee shop near coffee

Scroll to Top