ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති තරගය තියුණු ආකාරයට ලකුණු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරගයට සුදුසුකම් ලබාගැනීමටද සමත්විය.
අද (05) පාකිස්ථානයේ ලාහෝර් ක්‍රීඩාංගනයේ දී පැවැත්වුන මෙම තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දී පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 291ක් ලබා ගැනීමට සමත් වුණි.
දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය පන්දුවාර 37යි පන්දු 04කදී ලකුණු 289ක් ලබාතිබියදී සියල්ල දැවී ගියේ ජයග්‍රහණයට ලකුණු 2 ක් පමණක් ඉතිරිව තිබියදීය.
මෙය ශ්‍රී ලංකාව අඛණ්ඩව ජයගත් 12වැනි එක්දින තරගය වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාව මූලික වටයේ ක්‍රීඩා කළ තරග දෙකම ජයගෙන මේ වනවිට අපරාජිතව ආසියානු කුසලානයේ රැඳී සිටී.
පකිස්ථානයේ ලාහෝර්හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක, පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.
ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 291 රැස් කිරීමට සමත් විය.
ඇෆ්ගනිස්ථානය පන්දුවාර 37යි පන්දු 1ක් තුළ මෙම තරගය ජය ගත්තේ නම් ඔවුන් සුපිරි සිව්දෙනොගේ වටයට පිවිසීමේ අවස්ථාව තිබුණි.
නමුත්, ලකුණු 292ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 37යි පන්දු 4ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 289ක් පමණි.
සුපිරි සිව්දෙනාගේ වටයේ තරඟ අද සිට
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග අද (06) ආරම්භ වේ.
එම වටයේ පළමු තරගය පැවැත්වෙන්නේ, පකිස්ථානය සහ බංග්ලාදේශය අතරයි.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග සහ අවසන් මහ තරගය පැවැත්වීමේ ස්ථානය වෙනස් කිරීමට මේ වන විට ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
ඒ එම තරග පැවැත්වීම සඳහා පෙර සුදානම් කර තිබු ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පිහිටි කොළඹ දිස්ත්‍රික්කය ඇතුළුව දිවයිනේ නිරිත දිග කොටසට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයයි.
මේ හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග සහ අවසන් මහ තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට රැගෙන යාම සම්බන්ධයෙන් ක්‍රිකට් බලධාරීන් සලකා බලමින් සිටියි.