Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාලගුණය අයහපත් ‍| තිදෙනෙක් මරුට ‍| කොළඹ යට වෙයි ‍| නායයෑම් අනතුරු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බස්නාහිර,සබරගමුව,දකුණ,වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැක.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක

නිරිතදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව අද (04) දින දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජන ජීවිතයට බාධා තිදෙනෙක් මරුට

යහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් තිදෙනකු මිය ගොස් එක් අයෙකු තුවාල ලබා ඇත.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් ගාල්ල, කළුතර, කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ක් සඳහා නායයාම් පිළිබඳව පළමු සහ දෙවන අදියරේ අනතුරු ඇඟවීම් කර තිබේ.

අයහපත් කාලගුණය හේතුවෙන් නාවලපිටිය, වෙරළුගස්හින්න ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්තිවාරම් කපමින් සිටියදී පස් කන්දක් කඩා වැටීමෙන් ඊයේ (03) මිය ගොස් ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි.

ගිං ගගේ නෑමට ගිය පුද්ගලයෙකු දියට වැටී මිය ගොස් ඇත. එමෙන්ම රක්වාන දූලි ඇල්ලෙන් වැටී තිදරු පියෙකුද ඊයේ (03) මියගොස් ඇත.

දිවයිනේ ප්‍රදේශ රැසක ගස් කඩා වැටීම්

ඊයේ උදෑසන ඇති වූ වැසි තත්ත්වයත් සමඟ වැසි ජලය වේගයෙන් බැස නොයාම හේතුවෙන් කොළොන්නාවේ ග්‍රාමසේවා වසම් ගණනාවක්, මරදාන ඩීන්ස් පාර, ග්‍රෑන්ඩ්පාස් දකුණ, මාදම්පිටිය ග්‍රාමසේවා වසම සහ වනාතමුල්ල ග්‍රාමසේවා නිලධාරී වසමේ ඇතැම් ස්ථාන ගණනාවක ජනතාව පීඩාවට පත් වූ බව කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

කොළඹ ඕල්කට් මාවතේ ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයටද බාධා ඇති විය. දිවයිනේ ප්‍රදේශ රැසක ගස් කඩා වැටීම් නිසා වාහන ගමනාගමනයට බාධා ඇති විය.

ගිනිගත්හේන ප්‍රදේශයට පැවති දැඩි අයහපත් කාලගුණ තත්ත්වයත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල මාර ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා පැමිණ තිබු බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ මාර්ගයට ඉහලින් පිහිටා තිබු විශාල මාර ගසක්  ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු බවත්, පසුව ප්‍රදේශවාසින් සහ ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටි තිබු ගස කපා ඉවත් කිරිමෙන් පසු එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැයකට පමණ පසු යථා තත්ත්වයට පත් කල බව පොලිසිය පැවසිය.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව සහ දැඩි සුලං නිසා හැටන් කොළඹ සහ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයට ගස් , පස් කදු කඩා වැටිමේ අවධානමක් පවතින බවත්, මාර්ග ලිස්සන සුළු බැවින් රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ජා-ඇළ ප්‍රදේශයේ වික්ෂෝප දේවස්ථානයටද කොහොඹ ගසක් කඩා වැටීමෙන් එහි තිබූ වාහන 5කට අලාභහානි සිදුව තිබේ. බණ්ඩාරගම, කඹුරුගොඩ ප්‍රදේශයේ නිවසක වහලය කඩා වැටීමෙන් වයෝවෘද්ධ කාන්තාවක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට අධික වැසි. ජලාශ ජල මට්ටම ඉහලට

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට  අධික වර්ෂාව ඇද හැලෙමින් පවති.

මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන මස්කෙළිය ඔය ආරම්භවන මීරියාකෝට්ටේ හා ශ්‍රීපාද රක්ෂිතයට අධික වැසි ඇද හැලීමෙන් මස්කෙළිය ඔයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇත.

මාවුස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන මරේ හා ගාඩ්මෝර් දිය ඇලිවල ජල මට්ටමද ඉහල ගොස් තිබේ.

අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහල නගින බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල කඩින් කඩ වර්ෂාව

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට (02) දින රාත්‍රියේ සිට අධික වැසි පතිත වෙමින් පවති.
ඇද හැලෙන අධික වර්ෂාව පහල බැස ඇති ජලාශවල ජල මට්ටම ඉහල යාමට තරම් ප්‍රමාණවත් නොවන බව ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියි.
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව 60% දක්වා පහල බැස ඇති බවත්, දැනට ජලාශ දෙකේම පවතින ජල ධාරිතාවෙන් කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය කරන බවයි විදුලි බලාගාර භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහළට

මාවුස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන මරේ හා ගාඩ්මෝර් දියඇලිවල ජල මට්ටමද ඉහළ ගොස් තිබේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්ට පවතින සුළං තත්ත්වයන් හේතුවෙන් හැටන් – කොළඹ මාර්ගයේ දියගල කඩවල ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට විනාඩි තිහක පමණ කාලයක් බාධා එල්ල විය.

කාසල්රී ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වන බගවන්තලාව, මහඑළිය රක්ෂිතයට 03 දින උදෑසන සිට අධික වර්ෂාව පතිත වීම හේතුවෙන් කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇත.

කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔය පිටාර ගැලීම නිසා බගවන්තලාව, කොටියාගල වතු නිවාසවලට පිවිසෙන මාර්ග රැසක් ජලයෙන් යට වී ඇත.

මීරියාකෝට්ටේ හා ශ්‍රීපාද රක්ෂිතයට අධික වැසි ඇද හැලීමෙන් මස්කෙළිය ඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

ගිංගඟේ ජල මට්ටම ඉහළට

ගිංගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. ඊයේ (03) උදෑසන 09.00 පමණ වන විට බද්දේගම ජල මාපකයේ ජල මට්ටම මීටර් 3.73 දක්වා වැඩි වී තිබූ බවත් එය බද්දේගම ප්‍රදේශයට සුළු ගංවතුර තත්ත්වයක් නිර්මාණය වීමේ අවදානමක් බවත් ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරු පියුමිද සිල්වා මහත්මිය පැවසුවාය.

මේ හේතුවෙන් ගිංගඟ දෙපස අගලිය, මුල්කඩ, පාතවැලිවිටිය, බඹරහිකඩ, නාවක්කඩ යනාදී ප්‍රදේශවල පහත් වගා බිම් මෙන්ම අතුරු මාර්ග ගණනාවක් ජලයෙන් යටවී තිබුණි.

නායයෑම් අනතුරු නිකුත් කෙරේ

අධික වැසි තත්ත්වයත් සමඟ ප්‍රදේශ රැසකට 2 වන අදියරේ නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදන ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබෙයි.

ඒ අනුව ගාල්ල, කළුතර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයෑම් අනතුරු නිකුත් කර ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, ඇල්පිටිය, නාගොඩ යන ප්‍රද්ශවලටත් කළුතර පාලින්දනුවර, මතුගම, වලල්ලාවිට ප්‍රදේශවලටත් මෙය බලපැවැත්වෙනු ඇත.

එමෙන්ම කෑගල්ල බුලත්කොහුපිටිය, දෙහිඕවිට, දැරණියගල, යටියන්තොට, රුවන්වැල්ල ප්‍රදේශවලටත්, රත්නපුර කිරිඇල්ල, අයගම, කලවාන යන ප්‍රදේශවලටත් එම අවදානම් නිවේදන නිකුත් කර තිබෙයි.

tomorrow weather weather today sri lanka weather in colombo today weather 10 days tomorrow weather weather today sri lanka weather in colombo today weather 10 days tomorrow weather weather today sri lanka weather in colombo today weather 10 days tomorrow weather weather today sri lanka weather in colombo today weather 10 days

 

 

 

Scroll to Top