Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මහඑලිය රක්ෂිතයට තද වැසි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වන බගවන්තලාව මහඑලිය රක්ෂිතයට (03) දින උදැසන සිට අධික වර්ෂාව පතිත විම හේතුවෙන් කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහල ගොස් ඇත.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔය පිටාර ගැලිම නිසා බගවන්තලාව කොටියාගල වතු නිවාස වලට පිවිසෙන මාර්ග රැසක් ජලයෙන් යට වි ඇත.

තවදුරටත් කෙසෙල්ගමුඔයේ ජල පෝෂක ප්‍රදේශවලට වැසි පතිත වුවහොත් කෙසෙල්ගමුඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ නිලධාරින් පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

Scroll to Top