Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සිංගප්පූරුවේ ජනාධිපති ධූරය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ෂන්මුගරත්නම්ට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සිංගප්පූරුවේ නව ජනපති ධූරය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ධර්මන් ෂන්මුගරත්නම් මහතාට හිමිව තිබේ.ඔහු සමග තරඟ වැදුණු අපේක්ෂකයන් දෙදෙනෙකු අභිබවා ඡන්ද 70.4 ක ප්‍රතිශතයක් ලබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2011 වසරේ සිට 2019 දක්වා එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ධර්මන් ෂන්මුගරත්නම් මෙලෙස තේරී පත්ව ඇති අතර, මුදල්, අධ්‍යාපන සහ මානව සම්පත් කරළමනාකරණ අමත්‍යවරයා ලෙසද කටයුතු කර තිබුණි.

හිටපු ආර්ථික විද්‍යාඥයෙකු ද වූ 66 හැවිරිදි වියේ පසුවන ධර්මන් ෂන්මුගරත්නම්ගේ මව යාපනය – ඌරලු ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කමිටු සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇති බව සඳහන් කරයි.

Scroll to Top