Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශ වල රක්ෂිත කැළැ ගිනි තබයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණික තත්වයත් සමග මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර ජල පෝෂක ප්‍රදේශවල පිහිටි රක්ෂිත කැළෑ වලට ඇතැම් පිරිස් විසින් ගිනි තැබීම හේතුවෙන් ජල උල්පත් සිඳී යාමේ තර්ජණයට ලක්ව තිබේ.

ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ ඉස්මත්තේ පිහිටි ශ්‍රීපාද රක්ෂිතයට මායිම්ව ඇති රක්ෂිත වනාන්තරවලට මෙසේ ගිනි තැබීමෙන් මේ වන විට අක්කර සිය ගණනක් විනාශයට පත්ව තිබේ.

වන සතුන් දඩයම් කිරීම හා විනෝදය අරමුණු කරගෙන ඇතැම් සංවිධානාත්මක පිරිස් මෙම ගිනි තැබීම් සිදු කරන බව ප්‍රදේශවාසී ජනතාව පවසති.

මෙසේ ගිනි තැබීම් සිදු කරන පිරිස් අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කරන ලෙස ප්‍රදේශයේ ජනතාව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

සටහන හා ඡායාරූප-ගාමිණී බණ්ඩාර

 

lanka c gossip

Scroll to Top