Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කැළණි ගගේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කැළණි ගගේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ(28) දින පස්වරුවේ සිට තද වැසි පතිත වු බව ගිනිගත්හේන ප්‍රදේශවාසින් පැවසිය.

යටියන්තොට තණකොල වත්ත , කිතුල්ගල , ගිනිගත්හේන කළුගල සහ පොල්පිටිය සමනල ජල විදුලි බලාගාර පෝෂක ප්‍රදේශවලට මෙසේ වර්ෂාව පතිත විය.

එම ප්‍රදේශවලට මාස කිහිපයක් තිස්සේ පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කැළණි ගගේ ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසමින් පැවතුණි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව පළාත්වලටත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි ඇති විය හැකියි.

ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර අද සිට සැප්තැම්බර් 7 වැනි දා දක්වා සූර්යයා, ශ්‍රී ලංකාව ඉහළින් සෘජුවම ගමන් කරන බව ද සඳහන්ය.

 

gossip lanka c

Scroll to Top