Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මිරිස් නිෂ්පාදන ගම්මාන ඇති කිරීමේ ව්‍යාපෘතියක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත තරුණ කෘෂි ව්‍යාපාර ව්‍යාපෘතිය යටතේ, මිරිස් නිෂ්පාදන ගම්මාන ඇති කිරීමේ අරමුණින් සුහුරු කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවීන් වෙත භාණ්ඩ බෙදා දීමේ උත්සවයක් තඹුත්ත‌ේගම පිහිටි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ එච් කළාප කාර්යාල ශ්‍රවණාගාරයේදී ඊයේ (17) පැවැත්විණි.

ව මහවැලි එච් කළාපයේ නේවාසික ව්යාපාර කළමණාකාර අයි රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හා මහවැලි අධිකාරියේ එච් කළාපයේ උසස් නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් උත්සවය ආරම්භ වී ප්‍රථිලාභීන් වෙත ගිවිසුම් පත්‍ර බෙදා දීම හා භාණ්ඩ බෙදා සිදු කෙරිණි. ඒ යටතේ රුපියල් ලක්ෂ 06 ක් පමණ වටිනා දැල් ගෘහ සඳහා අවශ්‍යය උපකරණ, ජල පද්ධති සඳහා උපකරණ ආදී භාණ්ඩ රැසක් ප්‍රථිලාභීන් හැත්තෑ දෙනෙකු වෙත බෙදා දීම සිදු කෙරිණි.

තිසර – අනුරාධපුර

Scroll to Top